මෙරටට පැමිණෙන පළමු ගෑස් තොගය බෙදාහැරීම ලබන 07 වනදා සිට ආරම්භ කිරීමට නව වැඩපිළිවෙළක් සකසා ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක ගෑස් තොගයෙන් මෙට්ට්‍රික් ටොන් 30,000 ක පළමු කොටසෙන් මෙටි්‍රක් ටොන් 3,700 ක් ලබන 05 වනදා මෙරටට ලගාවීමට නියමිත බවයි.
සක්‍රිය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත්, දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්ත්වයේ වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පලාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු කොමිසම විසින් සිදු කර ඇති නිර්දේශවලට අනුව ඊට වගකිව යුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස රිට් ආඥා නිකුත් කරන්නැයි ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
අත්‍යවශ්‍ය ඖෂධ සහ එන්නත් වර්ග 10 ක තොග තවත් සතියකින් අවසන්වීමට නියමිතව තිබෙනවා. ඉන් එක් එන්නතක් වන්නේ ජලභීතිකාව හෙවත් පිස්සු බලු රෝගයට ලබාදෙන “රේබීස්” නම් එන්නතයි. මෙම එන්නත සියලු රෝහල්වල පාහේ භාවිතයට ගැනෙනවා. එය මෙරටට අත්‍යවශ්‍යම එන්නතක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
Page 248 of 764