සාමාන්ය සේවා බස් ගාස්තු ඊයේ මධ්යම රාත්රියේ සිට සියයට 11.14කින් අඩු කෙරුණා. එලෙස බස් ගාස්තු අඩු වන්නේ 2020 වසරේ නොවැම්බර් 11 වනදා සියයට 20කින් ඉහල දැමුණු බස් ගාස්තුව සියයට 10කින් හා ඉකුත් 01 වනදා ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කිරීම හේතුවෙන් සියයට 1.14ක් ලෙසයි.
ගතවූ පැය 12ක කාලය තුළ දිවයිනේ ප්රදේශ 03 කින් වෙඩි තැබීම් 03 ක් වාර්තා වුණා. ඒ, ගල්කිස්ස, අහංගම සහ ලුණුගම්වෙහෙර යන ප්රදේශවලින්.
ගාලු මුවදොර පිටිය ආසන්නයේ විරෝධතා පැවැත්වීමට වෙන්කර ඇති ස්ථානයේ තවදුරටත් තමන් රැදී සිටින බව අරගලයේ නිරත පිරිස පවසනවා. ගාලු මුවදොර හා ඊට ආසන්න ප්රදේශවල නීතියට පටහැනිව රැදි සිටින සියලුම පුද්ගලයන්ට හෙට පස්වරු 5ට පෙර ඉන් ඉවත් වන ලෙස කොටුව පොලිස් ස්ථානය නිවේදනය කළේ ඊයේ දිනයේයි.
බන්ධනාගාර නිළධාරීන්ට හා බන්ධනාගාරගත රැදවියන්ට කොවිඩ් මර්දන එන්නතේ සිව්වන මාත්රාව ලබා දිම අද ආරම්භ කෙරුණා.
අධික වැසි ඇතිවන අවස්ථාවේ ඟංවතුර සහ නායයෑම් වැඩි වශයෙන් හට ගැනීමට අදාළ ප්රදේශවල වන ගහණය අඩුවීමද බලපා ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් අතුල කරුණාරත්න පැවසුවේ මිනිස් ක්රියාකාරකම් හේතුවෙන් ගංවතුර සහ නායයෑම් හටගැනීමේ තත්ත්වයන් වැඩිවී ඇති බවයි.
ඉන්ධන මිලදී ගැනීම සඳහා පුත්තලම නගරයේ පිහිටි පිරවුම්හලක් අසල පෝළිමක සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුත්තලම, මනල්ගුණ්ඩුව ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.
Page 238 of 769