මිල සඳහන් නොකළ සහ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳුන් 150 කට වැඩි පිරිසකට එරෙහිව සතියක කාලයක් තුලදී නීතිමය පියවර ගෙන ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
වෙළඳපලේ කුකුළු මස් සහ බිත්තර මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ බඩඉරිගුවල හිගකම සහ අමුද්‍රව්‍ය ලබාගැනීමට ඇති අපහසුතා මෙම තත්ත්වයට හේතු වූ බවයි.
අදානි සමාගමට පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා අවසර ලබාදීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෝප් කමිටුව, ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී එම කමිටුව හමුවේ තමන් සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු පවසනවා.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා. ඒ, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. තරගය අද රාත්‍රී 07 ට ආරම්භ වීමට නියමිතයි.
ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම තවදුරටත් සීමා සහිතව සිදුවන බව නෙත් නිවුස් කළ සොයාබැලීමකදී හෙළි වුණා. ඒ, රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රමාණය අඩුවීම හේතුවෙන්. සමාන්‍යයෙන් දිනකට ඩීසල් සහ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 5,000 ක් පමණ බෙදා හැරියද මේ වන දිනවල එම ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 2,000 ක් දක්වා සීමා කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
රට හමුවේ පවතින ඩොලර් අර්බුදයට ග්‍රාමීය මට්ටමින් ද විසදුම් ලබාදිය හැකි බව ලෝක අබාධිත හා පුනරුත්තාපන විද්වත් වෘත්තිකයින්ගේ සංගමය පවසනවා.
පුණර්ජනනීය බලශක්තිය මෙරට තුළ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රටට දැවැන්ත පාඩුවක් සිදුවූ බව බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින් පවසනවා. ඔවුන් කියා සිටියේ දැන් හෝ පුණර්ජනනීය බලශක්තියට ශ්‍රී ලංකාව යොමු නොවුන හොත් පවතින අර්බුදය තවත් තීව්‍ර වනු ඇති බවයි.
ලබන 15වනදායින් පසුව ඉන්ධන ලබා දීමේ දී පවතින ගැටළු තවත් උග්‍රවනු ඇති බව ලංකා ඛණිජ තෙල් ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සම ලේකම් ශාන්ත සිල්වා පැවසුවේ පිරවුම්හල් සදහා ඉන්ධන ලබා ගැනීමට පෙර මුදල් ගෙවන ලෙසට ඛණිජ තෙල් සංස්ථාව කර ඇති ඉල්ලීම අනුව මෙම තත්ත්වය උද්ගතවනු ඇති බවයි.
Page 237 of 742