Wednesday, May 06, 2026
Follow Us
බන්ධනාගාර නිලධාරීන්ට සහ රැඳවියන්ට අද සිට කොවිඩ් මර්ධන සිව්වන මාත්‍රාව

බන්ධනාගාර නිළධාරීන්ට හා බන්ධනාගාරගත රැදවියන්ට කොවිඩ් මර්දන එන්නතේ සිව්වන මාත්‍රාව ලබා දිම අද ආරම්භ කෙරුණා.

මේවනවිට රට තුළ කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළ ගොස් ඇති බැවින් බන්ධනාගාර තුළ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවුරුදු 60 ට වැඩි රැඳවියන්ට සහ මෙතෙක් කිසිඳු මාත්‍රාවක් ලබාගෙන නොමැති රැඳවියන්ටත්, තුන්වන මාත්‍රාව ලබාගෙන ඇති බන්ධනාගාර නිලධාරීන්ටත් එලෙස කොරෝනා මර්දන එන්නතේ සිව්වන මාත්‍රාව ලබාදීම සිදු කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව දිවයිනේ පිහිටි සියලු බන්ධනාගාරවල සේවයේ නියුතු නිළධාරීන්ට හා රැඳවියන්ට සිව්වන මාත්‍රාව වශයෙන් ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීම බන්ධනාගාර ආයතන 30 කදී සිදු කෙරෙනවා. එහි ආරම්භය ලෙස බන්ධනාගාර මූලස්ථානය, වැලිකඩ, මැගසින්, කොළඹ රිමාන්ඩ්, යන බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන්ට හා ඒවායෙහි සේවයේ නියුතු නිලධාරීන්ට සිව්වන මාත්‍රාව එන්නත්කරණය අද සිදු කෙරුණු බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Neth