Thursday, March 12, 2026
Follow Us
දිනෙන් දින ඉහළ යන නාදුනන තුවක්කුකරුවන්ගේ වෙඩි තැබීම්

ගතවූ පැය 12ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ 03 කින් වෙඩි තැබීම් 03 ක් වාර්තා වුණා. ඒ, ගල්කිස්ස, අහංගම සහ ලුණුගම්වෙහෙර යන ප්‍රදේශවලින්.

එහිදී අහංගම, ගොවියාපාන ප්‍රදේශයේ අවන්හලක් තුළ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීම සිදුකළ නාදුනන තුවක්කුකරු පළාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වන අතරතුර විත්තිකූඩුවේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සිදුකළ සැකකරුද ඊයේ පස්වරුවේ පළා ගියා. මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ. ඔහු සොයා පොලිස් පරීක්ෂණ ද ක්‍රියාත්මකයි.

අනෙක් වෙඩි තැබීම ඊයේ පස්වරුවේ සිදු වුණේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ නිවසක් තුළයි. එහිදී 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

Neth