ලබන සඳුදා (08) දිනයෙන් පසු බත් පැකට්ටුවක මිල සහ තේ කෝප්පයක මිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
කදු පංති ආරක්‍ෂා කර ගනිමින් සංවර්ධන කටයුතු සිදුනොකිරීම හේතුවෙන් මධ්‍යම කදුකරයේ නායයෑම් ඉහළ ගොස් ඇතැයි පරිසරවේදින් පවසනවා. නාවලපිටිය ඇතුළු ඒ අවට නගර කිහිපයක් ඉකුත් දින කිහිපය තුළ ගංවතුරෙන් යටවූයේද එවන් පසුබිමක් තුළ බවයි පරිසර සහ සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ.
තේ කෝප්පයේ සහ බත් පැකට්ටුවේ මිල ලබන සඳුදා සිට අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් අද පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් සදහන් කළේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු වීම හේතුවෙන් මෙලෙස තේ කෝප්පයේ සහ බත් පැකට්ටුවේ මිල අඩු කරන බවයි. බත් පැකට්ටුවේ මිල සියයට 10ත් සියයට 20ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වනු ඇති බවද ඔහු සදහන් කළා.
රට තුළ මන්කි පොක්ස් ආසාදිතයින් ඇත්දැයි සොයා හෙට සිට පරීක්ෂණ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සහ මහනුවර ජාතික රෝහල ආශ්‍රිතව මන්කි පොක්ස් පරික්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කර රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ නියැදි පරීක්ෂා කිරීම් සිදු කරන බවයි.
පවතින ආර්ථික අර්බුධයට විසදුම් සෙවීම සදහා පූර්ණ කාලීන මුදල් අමාත්‍යවරයෙකු රජයට අවශ්‍ය බව ආර්ථික විශ්ලේශකයින් පවසනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ ඵ් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යංශය වෙනත් අමාත්‍යවරයෙකුට භාරදිය යුතු බවයි.
හරක්කටාගේ ගෝලයෝ උසාවියටත් පැන වෙඩි තියති
කොටිකාවත්ත ප්‍රා. මන්ත්‍රි කරාටි ධම්මිකගේ ඥාතියෙක්
පශු සම්පත් ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතු බව ලෝක කුකුළු විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව පවසනවා. එහි සභාපති වෛද්‍ය උෂාන් පල්ලේගම නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ මෙරට ජනතාවට දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් තුනෙන් ඵකක පමණ ප්‍රමාණයක් සත්ත්ව ප්‍රෝටීන් ලැබිය යුතු බවයි.
Page 232 of 764