Wednesday, May 06, 2026
Follow Us
රු. කෝටි 20කට අධික වටිනා රන් බිස්කට් කටුනායකදි අත්අඩංගුවට

තීරු බදු රහිත සාප්පු සේවිකාවගේ බෑගයේ රන් බිස්කට්


රුපියල් මිලියන 205ක් පමණ වටිනා රත්‍රං නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමේ උත්සාහයක් ව්‍යාර්ථ කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්වී තිබේ.

ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙක් රත්‍රං කිලෝ 9.5ක් සඟවා ගෙන ගෙනැවිත් අතර ඔහුට එම රත්‍රං ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් ඉවතට ගෙනයෑමට “තීරුබදු රහිත” සාප්පුවක සේවිකාවක් උදව් කිරීමට උත්සාහ කර ඇති බව සඳහන් ය.

සැකකාර ගුවන් මගියා අද උදෑසන 08.35 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව කටුනායක ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවයේ නිරත වී සිටි සීදුව ප්‍රදේශයේ 38 හැවිරිදි කාන්තාවකි.

ගුවන් මගියා තම ගමන් මලු තුළත් සේවිකාව තම අත් බෑගයේත් රන් බිස්කට් 80 ක් සගවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යෑමට උත්සාහ කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන ගුවන් තොටුපළ රේගු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

Aruna