ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්රියාකාරිකයකු වූ ජනප්රිය නළු ජෙහාන් අප්පුහාමි මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා විසින් ඊයේ (19) නිකුත් කර තිබේ.
අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බලමණ්ඩලයේ ඊයේ පැවති විරෝධතා පා ගමනේදී ශිෂ්ය ක්රියාකාරිකයෙකු අත්අඩංගුවට නොගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අන්තර් විශ්ව විද්යාලයීය ශිෂ්ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දින 90ක් රඳවාගෙන ප්රශ්න කිරීමට ආරක්ෂක අමාත්යාංශය විසින් රැඳවුම් නියෝග නිකුත් කර තිබේ.
යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම ආරම්භ කරමින් වී අලෙවි මණ්ඩලය ඊයේ දින වී කිලෝග්රෑම් දෙලක්ෂ නවදහස් හයසීයයක් මිලදී ගෙන තිබෙනවා. දැනට අස්වනු කපා අවසන් කර ඇති දිස්ත්රික්ක කිහිපයක සහ අස්වනු නෙළමින් තිබෙන දිස්ත්රික්ක කිහිපයක ගොවින්ගේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 55ක් ඊයේ දිනය තුළ විවෘතව තැබිමට වී අලෙවි මණ්ඩලය කටයුතු කර තිබුණා.
විදුලිබිල ඉහල දැමීම හේතුවෙන් ඉදිරියේදී තවදුරටත් විදුලි ඉල්ලුම අඩුවිය හැකි බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ දෛනික විදුලි පරිභෝජනය මේ වනවිටත් සියයට 25කින් පමණ අඩුවී ඇති බවයි.
පී සී ආර් හා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සීමා සහිත වීම හේතුවෙන් කොරෝනා ආසාධිතයින් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙන්නේ තෝරාගත් ක්රමවේදයක් යටතේ පමණක් බව සෞඛ්ය අමාත්යාංශය පවසනවා.
A 10-hour water cut will be in place in several areas in Colombo on Saturday (20) from 11.00 pm to 9.00 am on Sunday (21) due to essential improvement improvement work, the National Water Supply and Drainage Board (NWSDB) said.
උද්ධමනය බිස්කට් මිල කෙරෙහි බලපාන්නේ කොහොමද ? මේ ප්රශ්නයට දිය හැකි පිළිතුරේ කාට වුනත් තේරෙන ඉතා පැහැදිලි කොටසක් තිබෙනවා. උද්ධමනය වැඩි වෙනවා කියා කියන්නේ බිස්කට් හදන්න ගන්න පිටි, සීනි, තෙල්, කිරි, බිත්තර වගේ දේවල්වල මිල වැඩි වෙනවා කියන එක. එතකොට බිස්කට් එකක් හදලා කලින් ගාණට විකුණන්න බැහැ. ඔය ටික කාට වුනත් තේරෙනවා. හැබැයි ඔය කතාවේ ගොඩක් අයට එක පාරට නොපෙනෙන පැත්තකුත් තිබෙනවා. මේ සටහන ඒ නොපෙනෙන පැත්ත ගැනයි.
සිදුවන වන විනාශ හමුවේ තවත් වසර 25කින් පමණ මෙරට වන අලි වදවී යා හැකි බව පරිසරවේදීන් පවසනවා. ජෛව සංරක්ෂණ මධ්යස්ථානයේ සභාපති පරිසරවේදී පුබුදු වීරරත්න නෙත් නිවුස් කළ විමසීමකදී පැවසූවේ වන විනාශය හමුවේ තවත් වසර 10කින් පමණ මෙරට වන ගහණය ද හරි අඩකින් විනාශවීම ඊට හේතුවන බවයි.
Page 231 of 769