රට තුළ මේ වනවිට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 116ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි ඖෂධ ප්‍රධානයන් පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක සහ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ මෙම ඖෂධ වර්ග කෙසේ හෝ රටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් ඇති බවයි.
ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06 කට සහ පුද්ගලයින් 316 දෙනෙකුට ශ්‍රී ලංකාව තුළ පනවා තිබූ තහනම ඉවත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය ඉකුත්දා ගැසට් නිවේදනයක් නිකුත් කළා. කෙසේවෙතත් සංවිධාන 15 ක් තවදුරටත් ශ්‍රී ලංකාවේ තහනම් වන අතර පුද්ගලයින් 316 ක් අසාධු ලේඛණගත කර තිබෙනවා.
පසුගිය සමයේ ක්‍රියාත්මක වූ ඉන්ධන ජාවාරමට රජයේ නිලධාරීන් ද සම්බන්ධ බවට ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය චෝදනා කරයි.
ඉන්ධන මිල සූත්‍රය අනුව අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය නොවන බව බලශක්ති අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව පෙර මිල සංශෝධනයට අනුව ප්‍රකාශයට පත් කෙරුණු ඉන්ධන මිල ගණන් තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති.
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ යතුර සම්බන්ධයෙන් මේවනවිට ගැටළුවක් මතුව තිබෙනවා. ඒ, දේවාලයේ යතුරෙහි භාරකාරීත්වය සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන් සම්ප්‍රදායානුකූලව දේවාලයේ යතුරෙහි භාරකාරීත්වය පැවතිය යුත්තේ කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයා සතුවයි.
ඉකුත් ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේ ආහාර පාන නිෂ්පාදන අංශයේ පැවැති ඉල්ලුම පහළ ගොස් තිබෙනවා. ඒ, පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ හැකියාව පිරිහීම හා ඉන්ධන හිගය හේතුවෙන්.
පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩුදුන් “යුවාන් වැන්ග් – 5” චීන පර්යේෂණ නෞකාව මීට මඳ වේලාවකට පෙර හම්බන්තොට වරායට පැමිණ ඇති බව වාර්තා වේ.
රෝහල්වල ඖෂධ හිඟයක් පමණක් නොව වෛද්‍ය උපකරණ හිඟයක් ද පවතින අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මුණිවත රකිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.
අද (15) දිනයේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ අවම වශයෙන් 90% ක්වත් ධාවනය කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
Page 228 of 764