කුමන ආකාරයකින් හෝ දේශපාලනඥයින්ට නීතියට ඇගිලි ගැසීමට ඉඩ නොතැබිය යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. එලෙස සිදුකරන තෙක් රටට අවශ්‍ය සැබෑ නිදහස උදානොවන බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.
බිත්තර මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ඉදිරියේ දී බේකරි නිෂ්පාදනවල මිල යළිත් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ රජය මැදිහත්වී බිත්තර මිල අඩු කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි.
විදුලිබිල සහ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් ඉදිකිරීම් කටයුතු සදහා යොදාගන්නා සිමෙන්ති ගඩොලයක මිලද රුපියල් සියය ඉක්මවා යා හැකි බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එහි සභාපති සුසන්ත ලියනාරච්චි නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් ලබන සතියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කරන බවයි.
සතියේ දින පහේම පාසල් ළමුන් ප්‍රවාහනය සදහා සිය වාහනවලට සතියකට ලබාදෙන ඩීසල් ප්‍රමාණය, ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. එහි සභාපති එල් මල්ශ්‍රී ද සිල්වා නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ සිය වාහනවලට සතියකට ලබාදෙන ඩීසල් ප්‍රමාණය ලීටර් සියය දක්වා ඉහළ දැමීමට බලධාරීන් කටයුතු කළයුතු බවයි.
තමන්ට විදේශගත වීමට අවසර දෙන ලෙස රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් අද ප්‍රතික්ෂේප කළා.
ආනයනික අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලැබෙන්නේදැයි සොයා දිවයින පුරා වැටලීම් සිදු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
නෙත් නිවුස් සහ නෙත් එෆ් එම් බැලුම්ගල අවස්ථා ගනනාවකදී අනාවරණ කළ වන අලි ගැවසෙන භූමි සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා.
The number of children who are currently receiving treatment for dengue virus and also for COVID-19 at the Lady Ridgeway Hospital (LRH) in Colombo is increasing, LRH Consultant Paediatrician Dr. Deepal Perera said.
Page 229 of 764