උද්ධමනය බිස්කට් මිල කෙරෙහි බලපාන්නේ කොහොමද ? මේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුරේ කාට වුනත් තේරෙන ඉතා පැහැදිලි කොටසක් තිබෙනවා. උද්ධමනය වැඩි වෙනවා කියා කියන්නේ බිස්කට් හදන්න ගන්න පිටි, සීනි, තෙල්, කිරි, බිත්තර වගේ දේවල්වල මිල වැඩි වෙනවා කියන එක. එතකොට බිස්කට් එකක් හදලා කලින් ගාණට විකුණන්න බැහැ. ඔය ටික කාට වුනත් තේරෙනවා. හැබැයි ඔය කතාවේ ගොඩක් අයට එක පාරට නොපෙනෙන පැත්තකුත් තිබෙනවා. මේ සටහන ඒ නොපෙනෙන පැත්ත ගැනයි.
සිදුවන වන විනාශ හමුවේ තවත් වසර 25කින් පමණ මෙරට වන අලි වදවී යා හැකි බව පරිසරවේදීන් පවසනවා. ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පරිසරවේදී පුබුදු වීරරත්න නෙත් නිවුස් කළ විමසීමකදී පැවසූවේ වන විනාශය හමුවේ තවත් වසර 10කින් පමණ මෙරට වන ගහණය ද හරි අඩකින් විනාශවීම ඊට හේතුවන බවයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ඊයේ පැවති විරෝධතා පා ගමනේදී ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට නොගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක් එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 12,444 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ඉකුත් මැයි මාසය හා සැසදීමේදී රුපියල් 1,225 ක වැඩිවීමක්.
විදුලිබිල ඉහල දැමීම හේතුවෙන් ඉදිරියේදී තවදුරටත් විදුලි ඉල්ලුම අඩුවිය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ දෛනික විදුලි පරිභෝජනය මේ වනවිටත් සියයට 25කින් පමණ අඩුවී ඇති බවයි.
මෙරටට ලැබෙන විදේශීය ප්‍රේෂණවල තරමක වැඩිවීමක් ඇති බව රාජ්‍ය බැංකු කිහිපයක් නියෝජනය කරන ප්‍රගති බැංකු සේවක සංගමය පවසනවා. එහි සභාපති නිශාන්ත සමරසිංහ පැවසුවේ ඉදිරියේදී මෙම තත්ත්වය සුබවාදී වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. කෙසේවෙතත් අපේක්ෂිත මට්ටමට තවමත් විදේශීය ප්‍රේෂණ නොලැබෙන බව ඔහු සඳහන් කළා.
මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.
Page 227 of 764