අද සිට දුම්රිය ගාස්තු සංශෝධනය කෙරුණ ද එය ක්‍රියාත්මක කිරීම මේවනවිට අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඊට විරෝධය පළ කිරීමයි.
QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීමට පෙර පිරවුම්හල්වලට ලබාදී තිබූ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව යළි ලබාදෙන්නැයි ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි සමලේකම් කපිල නාඔටුණ්න පැවසුවේ ඉන්ධන නොමැති වීමෙන් වසා දමා තිබූ කාලයේද පිරවුම්හල්වලට හමුදා ආරක්ෂාව ලබාදී තිබූ බවයි.
වාහන අංක තහඩුවේ අවසන් අංකයට අනුව පිරවුම්හල් මඟින් ඉන්ධන ලබාදීමේ කටයුතු ඉකුත් සතියේ සිට ආරම්භ කළා. මෙම ක්‍රමවේදය නිසි පරිදි ඉන්ධන තොග ලැබුණු පිරවුම්හල් ආශ්‍රිතව සාර්ථකව ක්‍රියාත්මක වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ.
සිය ඉල්ලීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නිසි විසදුමක් ලබානොදුනහොත් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. එම සංගමය ඊයේ පස්වරු 06 යේ සිට පැය 48 ක කාලයක් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
මන්කි ෆොක්ස් රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සදඟා සියලු පහසුකම් තම ආයතන සතුව පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාද්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.
පාසැල් බස් සහ වෑන් රථ සඳහා අද දිනයේ ඉන්ධන ලබානොදුනහොත් හෙට දිනයේ පාසැල් ළමුන් ප්‍රවාහනය කිරීමට නොහැකි බව එම වෘත්තිය සමිති පවසනවා. සමස්ථ ලංකා පාසැල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල් මල්ශ්‍රී ද සිල්වා පැවසුවේ ඊයේ පස්වරු 03 සිට ලංගම ඩිපෝ මඟින් පාසැල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා ඉන්ධන නිකුත් කරන ලෙසට ජනාධිපතිවරයා අදාල අංශ වෙත උපදෙස් ලබාදුන්නද එය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවයි.
සංචාරක කර්මාන්තය සඳහා හිඟයකින් තොරව ඉන්ධන ලබා දීමට කටයුතු කරන ලෙස සංචාරක මග පෙන්වන්නන් රජයෙන් ඉල්ලීමක් කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ දෙසැම්බර් මාසයට පසු මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන්නේ අගෝස්තු මාසයේදී බවයි.
Page 223 of 749