ඉන්ධන හිඟය මේ වන විට රට මුහුණ පා ඇති ප්‍රධාන අර්බුදවලින් එකක් බවට පත්ව තිබෙනවා. සීමිත ඉන්ධන ප්‍රමාණයක් ලබා ගැනීමට ඇතැම් විට දින කිහිපයක් පවා පෝලිම්වල ගත කිරීමට බොහෝ පිරිසකට සිදුව තිබෙනවා.
ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,700ක් රැගෙන හෙට දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබූ නෞකාව දින තුනක් ප්‍රමාද වන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව එම නෞකාව එලඹන 09 වනදා මෙරටට පැමිණෙනු ඇති බවයි එහි ප්‍රකාශකයෙකු පැවසුවේ.
මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් අද කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ඊයේ පාර්ලිමේන්තු රැස්වීමේදී ද මහජන උපයෝගීතා කොමිසම සහ එහි සභාපතිවරයා සම්බන්ධයෙන් විවිධ අදහස් පල වුණා.
බත්තරමුල්ල, පොල්දුව මංසන්ධිය අසල විරෝධතාවයේ නිරත පිරිස් පලවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
උද්ධමනය ඉහළ යාමෙන් ජනතාව හාමතේ
ශ්‍රී ලංකාවේ උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ මෙරට ජනතාවට තුන්වේල ආහාර ලබා ගැනීම ගැටලුවක් වී ඇතැයි රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කළේය.
ඉන්ධන හිඟය හේතුවෙන් බොහෝ පිරිසකගේ ජීවනෝපායද අවදානමට ලක්ව ඇති අතර ආහාර මිල ඉහළ යාම හේතුවෙන් පවුලක සාමාජිකයින් ආහාර ගන්නා වේල් ප්‍රමාණය අඩු කිරීමට සිදුව ඇතැයි රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන පෝෂ්‍යදායි ආහාර වේලක් ගැනීමට ශ්‍රී ලාංකික පවුලක් මසකට රුපියල් 93,675 සිට 148,868 මුදලක් ඉපැයිය යුතු බව ආහාර උද්ධමනය ගණනය කිරීමේ විශේෂඥයෙකු වන ආර්ථික විද්‍යාඥ රෙහානා තව්ෆීක් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.
නමුත් ශ්‍රී ලංකික පවුලක සාමාන්‍ය ආදායම මසකට රුපියල් 76,414 බවත් ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 20 ක් වන දුප්පත් පවුලක මාසික ආදායම රුපියල් 17,572 ක් බවත් නිල දත්ත වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.
Aruna
Archbishop of Colombo Cardinal Malclom Ranjith today called for the resignation of the President and the government and to form a new multiparty interim administration to resolve the crisis in the nation and to bring in a total system change.
ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. එලෙස මිය ගොස් ඇත්තේ බොරැල්ල ටිකල් පාරේ ඉන්ධන පෝලිමක නවතා තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයකු බවයි පොලීසිය සදහන් කළේ.
Page 224 of 742