වැඩි ඡන්ද 57 කින් ඊයේ සම්මත වූ හදිසි නීතිය හෙවත් හදිසි අවස්ථා ප්‍රකාශනය තවත් මසක කාලයක් බලපැවැත්වෙන බව නීතිවේදීන් පවසනවා. නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාම නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ මසකට පසු හදිසි නීතිය පිළිබද පාර්ලිමේන්තුවේ විවාද කර යළිත් දීර්ඝ කිරීමට හැකියාව පවතින බවයි.
නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස්කිරීම සහ වැඩි මිලට අලෙවි කරන ස්ථාන වටලන පොලිස් නිලධාරීන්ට ත්‍යාග මුදල් පිරිනැමීමට පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා.
පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේදී විශාල කොවිඩ් රැල්ලක් රට තුළ ඇති වුවහොත් සෞඛ්‍ය සේවාවට එය කළමණාකරනය කර ගැනීම අපහසු විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
Monkeypox is not proven to be a sexually transmittable disease and it is not clinically proven that it is a disease which mostly affects homosexuals, a Sri Lankan expert said yesterday.
පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද ජනතාව විසින් ලබාදුන් ජනවරම මේ වනවිට අහෝසි වී ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එනිසා හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පවත්වා අලුත් ජනවරමකට අවකාශ සැළසිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
යළිත් වරක් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් බිය නොවී සිව්වෙනි මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
Lanka Private Bus Owners' Association (LPBOA) Chairman Gemunu Wijerathe said today that they are hoping to start the school and hospital transport services on August 1.
මෙම මාසය අවසන් වන විට ගෑස් පෝලිම් අවසන් කිරීමට හැකිවනු ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂය බැගින් දෛනිකව ඉකුත් දින කිහිපය පුරා වෙළඳ පොලට නිකුත් කළ බවයි.
අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් ඊයේ (26) ගෝල්ෆේස් පිටියේ බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටියදී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් අරගලකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
Page 222 of 749