වෙනත් පුද්ගලයින්ගේ QR කේත සොරකම් කර ඔවුන්ට හිමි ඉන්ධන කෝටාව වංචා සහගතව ලබාගැනීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසනවා.
අරගලකරුවන් ගෝල්ෆේස් භූමියෙන් ඉවත් වීම ගැන ආණ්ඩුව සතුටු නොවිය යුතු වන අතර අවශ්‍ය නම් ඕනෑම ගොඩනැගිල්ලක් අත්පත්කරගැනීම වෙනුවෙන් නැවත පැමිණිය හැකි බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කළේය.
අරගලය අවසන් නැතත් ගෝල්ෆේස් අරගලභූමියෙන් භෞතිකව ඉවත් වීමට අරගලකරුවන් තීරණය කර ඇති බව එම අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිනියක වන රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි.
බිබිල, දොඩන්ගොල්ල ප්‍රදේශයේදි පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අද දින උදෑසන මාර්ගය හරහා පෙරලී යෑමෙන් එහි ගමන් ගත් සිසුන් දස දෙනෙකු තුවාල ලබා සිටියදි රෝහල් ගත කළ බව පොලිසිය පවසනවා.
සංශෝධිත විදුලි ගාස්තු අද සිට ක්‍රියාත්මක වනවා. සියයට 75 ක සාමාන්‍ය අගයකින් විදුලි බිල වැඩි කිරීමටයි මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙන්නේ.
Page 215 of 749