ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් සියයට 80කට ආසන්න ප්රමාණයක මේවනවිට ඉන්ධන අවසන් වී තිබෙනවා. මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්රිතව පෝලිම්ද දක්නට ලැබුණ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
නොවැම්බර් මාසයේදී ගෑස් හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නොමැති බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
මෑතකදී කොළඹ වරාය ආසන්න මුහුදු සීමාවේදී එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ පරිසර හානිය සහ ධීවරයින්ට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ගෙවන ආකාරය තීරණය කිරීම සඳහා නීතිපතිවරයාගේ ප්රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය නියෝග කළා.
කොළඹ කොටුව සිට ගුවන් තොටුපළ දක්වා ධාවනය වන බස්රථ සම්බන්ධයෙන් මේවනවිට ගැටලුවක් මතුව තිබෙනවා. ඒ, එම බස්රථ මීට දින කිහිපයකට පමණ පෙර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේ ප්රධාන පිවිසුම තිබෙන ස්ථානයට පමණක් ධාවනය සීමා කිරීම හේතුවෙන්.
Page 194 of 769