Wednesday, November 12, 2025
Follow Us
Social and Equity
ජනසභා ක්‍රමය පිළිබඳව දිවයින පුරා ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරීමේ රැස්වීමක් ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ දී පසුගියදා පැවැත්විණි.
Social and Equity

“ජයභූමි පදනම” නමින් ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යමින්, ඇමරිකාවේ මියාමි නගරයේ වරාය ව්‍යාපෘතියක රැකියා රැසක් ලබාදෙන බව පවසා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරියන් මාර්ගයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණ තරුණියන් රැසකගෙන් වංචනික ලෙස මුදල් අයකළ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට තොරතුරු වාර්තා වී ඇත.

Social and Equity

සෑම පැය තුනකට වරක් ම අනතුරු නිසා පුද්ගලයින් හතර දෙනෙකුට ජීවිත අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි.

Social and Equity

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරේ.

Social and Equity

ප්‍රසිද්ධ පාවහන් සමාගමක ආයතන ප්‍රධානියකුගේ බොරැල්ල හරස් පාර ප්‍රදේශයේ නිවසක ගේට්ටුවට වෙඩිතැබීමේ සිද්ධියක් පසුගිය 22 වනදා වාර්තා විය.

Social and Equity

කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව දිවයින පුරා පාසල් කේන්ද්‍ර කොට ගෙන ආරම්භ කරන ලද 'පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව' වැඩසටහනේ ජාතික උත්සවය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නාලන්ද විද්‍යාලයේ දී ඊයේ (27) පැවැත්විණි.

Social and Equity

පානදුර වලාන ගාලුපාරේ හෝටලයකදී ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා සම්බන්ධ වූ ආපනාශාලාවේ ගැටලුව දෙපාර්ශවයේම එකඟතාවය මත සමථයකට පත්කිරීමට පානදුර දකුණ පොලිසිය පියවර ගෙන තිබේ.

Social and Equity

රෝමයේ නිවාස සංකීර්ණයක් තුළ දී ඉතාලි ජාතික 17 හැවිරිදි  පාසල් සිසුවියක් ඝාතනය කර ඇගේ සිරුර කසල බැහැර කිරීමට යොදා ගන්නා ඉටි බෑගයක් තුළ සඟවා පොළියත් මත තබාගෙන තල්ලු කරගෙන යමින් සිටි බව කියන එම වයසේම පසුවන එරට සම්භවයක් ඇති ශ්‍රී ලාංකික පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ මාරියා මිෂෙල් කෝසෝ නැමැති පාසැල් පාසල් සිසුවියකි.

කසල බැහැර කරන ස්ථානයකට ගොස් සිරුර සැඟවීම සඳහා මෙසේ රැගෙන යමින් සිට බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

මෙම සැකකාර සිසුවා ශ්‍රී ලාංකික අඹුසැමි යුවළකට ඉතාලිය දී උපත ලැබූ ඔවුන්ගේ පවුලේ සිටි එක ම දරුවා ය.

ඉතාලි ජාතික සිසුවියගේ පියාට නිවාස කිහිපයක්ම තිබෙන අතර ඇය ඝාතනය කර ඇත්තේ මින් එක නිවාසයක් තුළදීය.

මෙම සිසුවා හා මෙම සිසුවිය අතර කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් සිසුවිය එම සම්බන්ධතාවය නතර කිරීම නිසා ඇතිවූ වේදනාව මට මෙවැන්නක් කර තිබෙන බවත් ඉතාලියේ නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන එමිල් රෝහාන් මහතා එරටේ සිට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ලංකාදීපයට පැවැසීය.

ඉතාලි ජාතික සිසුවියගේ සිරුරේ පිහි ඇනුම් පහරවල් හයක් පමණ දක්නට තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

රෝමයේ, ප්‍රිමවිල් (primavlle) ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක දෙවැනි මහලේ නිවසක් තුළදී මෙම 17 හැවිරිදි ඉතාලි ජාතික සිසුවියකට පිහියකින් ඇන ඉකුත් 28 වෙනිදා ඝාතනය කර ඇත.

ට්‍රොලියක් තල්ලු කරගෙන යන මෙම හුරුබුහුටි තරුණයා ගැන ඇති වූ සැකයක් මත ඉතාලි ජාතිකයකු එම තරුණයා ගෙන් ප්‍රශ්න කර ඇත.

ලොකු මාළු කූරි කිහිප දෙනකු රැගෙන යන බව මෙම ශ්‍රී ලාංකික සිසුවා පවසා ඇතත්එම ඉතාලි ජාතිකයා මෙම තරුණයා ගැන ඒ අසල අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකුට දැනුම් දී තිබේ.

පොලිස් නිලධාරියා පැමිණ පරීක්ෂාකර බැලීමේදි කසල බැහැර කරන උරය තුළ බහා තිබූ මෙම දාහත් හැවිරිදි පාසල් සිසුවියගේ සිරුර දැකගැනීමට ලැබී ඇත.

ඉතාලි පොලිස් නිලධාරියා පොලිතීන් උරය පරීක්ෂාකර බලන අතර අතරවාරයේ දී සැකකාර සිසුවා පලාගොස් තිබූ අතර පසුව ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉතාලි සිසුවිය ඝාතනය කිරීමට යොදා ගත් බවට පැවසෙන පිහියක්ද සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු අනුව පෙරේදා 30 වෙනිදා ඉතාලි පොලිසිය විසින් සොයාගනු ලැබීය.

ඝාතනයට ලක් වූ සිසුවියගේ පියා ආබාධිතයකු නිසා ඔහු කිහිලිකරු ආධාරයෙන් ගමන් කරන අයකු බවත් දියණියගේ ඝාතනය අසා ඔහු සිද්ධිය වූ ස්ථානයට පැමිණ වේදනාව දරා ගත නොහැකිව හඬා වැටෙන ආකාරය දක්නට ලැබුණු බවත් රන්ජන් මහතා සඳහන් කරයි.

සැකකාර සිසුවාගේ මව සහ පියා වෙන්නප්පුව, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි අය වෙති.

සැකකාර සිසුවා ඉතාලියේ උපත ලබා ඇති නිසා ඔහුට එරට පුරවැසිභාවය ලැබී ඇත.

දියණිය සමග මෙම සිසුවා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බව තමා දැන සිටි බවත් ඔහු ඉතා හොඳ දරුවකු බවඇයගේ මව තමා සමග පැවසූ බව එමිල් රෝහාන් මහතා කීය.

Lankadeepa

Social and Equity

සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය ස්ථාපිත කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Social and Equity

අත්තනගලු ඔයේ දූනමලේ ජල මාපාන්කය පිහිටි ස්ථානය අසල දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය තරුණියක් පය ලිස්සා ගොස් ඔයට වැටී අතුරුදන්ව නි‌බේ.

Social and Equity

රිදීගම, ‌‍ඓතිහාසික රිදී විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවති ප්‍රථම පුස්කොළ ලේඛන පිළිබඳ හය මාසික සහතික පත්‍ර පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය සහ දෙවන කණ්ඩායමේ පාඨමාලා සමාරම්භක උත්සවය, ශ්‍රී සිද්ධාර්ථ පුස්කොළ ලේඛන අධ්‍යයන සහ පර්යේෂණ ආයතනය විසින් විහාරස්ථ සම්මන්ත්‍රණ ශාලාවේ දී ජූලි 01 සෙනසුරාදා පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතයි.

Social and Equity

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්ත රජය සහ ගගන් මලික් පදනමේ ආරාධනයෙන්, ජාත්‍යන්තර සාම සමුළුව සහ ගෝලීය සාම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ප්‍රධාන දේශක වශයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා සහභාගි විය.

Social and Equity

අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට (03) යෙදී තිබේ.

Social and Equity

ප්‍රවීන චිත්‍ර ශිල්පී, කලාශූරී එස්. එච්. සරත් මහතාගේ “සම්ප්‍රදාය සහ වෙනස” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) එක්විය.

Social and Equity

ඔබ ජීවිතයේ එක් වරක්වත් රජයේ සෞඛ්‍ය සේවාවන් භාවිතා කර ඇති.

Social and Equity

තායිලන්ත රජය විසින් මෙරටට පරිත්‍යාග කර තිබූ මුතුරාජා හස්තියා යළි තායිලන්තය බලා රැගෙන යාම සඳහා මේවනවිට එම හස්තියා කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබෙනවා.

Social and Equity
පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් 21 හැවිරිදි  තරුණියක් තියුණු ආයුධයකින් කපා කොටා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියකට  සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පවසයි.
Social and Equity

පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම කලාපයක් ලෙස සංර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ කොළඹ පිහිටි "එයිටි ක්ලබ්" පැරණිමත සමාජ ශාලව සංවර්ධනය කර ජනතාවට විවෘත කෙරිණි.