මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (09) වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජා- ඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය .
ගාසා තීරයේ රැඳී සිට ඊජිප්තුව බලා ගිය ශ්‍රී ලාංකිකයන් 11 දෙනා කටාර්හි දෝහා සිට පැමිණි ගුවන් යානයකින් අද (05) අලුයම දිවයිනට පැමිණ තිබේ.
සේවය අත හැර යාමේ නියෝග නිකුත් කරන ලද මෙරට වෛද්‍යවරුන් සංඛ්‍යාව හා ඔවුන්ගෙන් රජයට අය වියයුතු මුදල් පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් සති දෙකක් තුළ ලබා දීමට කටයුතු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභව මගින් පත්කළ අනු කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන ලදී.
පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක ඩීසල් නොමිලේ දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.
මෙවර මහ කන්නය සඳහා පොහොර ලබා ගැනීමට අවශ්‍ය මුදල් ගොවීන් වෙත ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් 2022/23 මහ කන්නය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ වන්දි මුදල් හිමිකම් සහිත ගොවි මහතුන් සඳහා ඊට අදාළ චෙක්පත් ප්‍රදානය දිස්ත්‍රික් ලේකම් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල මහතාගේ අතින් සිදු කෙරිණි.
රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම, ජනතාවාදී, වගකීමක් සහිත තත්ත්වයට පත් කිරීම සඳහාත්,සමස්ත ආයතන හා රජය, විවෘත හා වගකීමක් ඇති තත්ත්වයකට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට විද්වත් අනු කමිටුවක් පත් කිරීමට විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව කටයුතු කර තිබේ.
මුදල් වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.
මෙරට තේ වගාව සඳහා අවශ්‍ය පොහොර නිෂ්පාදන මිලටම ලබා දීමට රජයට අයත් පොහොර සමාගම් දෙක එකඟතාවය පළ කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.
අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා අවශ්‍ය මඬ පොහොර හිඟ යැයි ඊයේ (05) ඇතැම් මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අවධාරණය කරයි.
බීමතින් ගොස් අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල් රියදුරෙකු වාලච්චේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පොලිස් කොස්තාපල්වරයා කල්කුඩා පොලිසියට අයත් ජිප් රථය බීමතින් ධාවනය කර වාලච්චේන ධීවර වරාය ආසන්නයේදී නිවසක තාප්පයක සහ එම නිවස ඉදිරිපිට නතර කර තිබූ වෑන් රථයක හප්පා මෙම අනතුර සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් පොලිස් ජීප් රථයට දැඩි හානි සිදුව තිබේ.
පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ කොස්තාපල් රියදුරු බීමතින් සිටි නිසා ජීප් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි.
අදාළ කොස්තාපල් රියදුරු වාලච්චේන රෝහල් වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරු බීමත්ව සිටි බවට වෛද්‍යවරයා සහතික කර තිබෙ.
-Aruna
මාපලගම සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයක් කළුතර, නාගොඩ, ගල්අස්ස ප්‍රදේශයේ දී එකම දිශාවට ගමන්ගත් ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක් පත්කර තිබේ.
ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් හතර දෙනා හැකි ඉක්මණින් නිදහස් කර ගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
පියා විසින් පහර දුන්නේ යැයි කියන සිද්ධියකට සිත් තැවුලට පත් පාසල් දැරියක් ඊයේ (01) දින පස්වරු නිවස තුලදි ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.
රේගුවට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් පිළිබඳ රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශයක් නිකුත් කර ඇත
Page 107 of 743