Friday, May 17, 2024
Follow Us
රුපියල් කෝටි 15ක් වටිනා මත්ද්‍රව්‍ය සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට

රුපියල් කෝටි 15ක පමණ  වටිනාකමකින් යුත්  හෙරොයින්, හෑෂ් හා කොකේන් මත්ද්‍රව්‍ය හා මුදල් ලක්ෂ 15ක් සමඟ සැකකරුවෙකු හා සැකකාරියක් අද (02) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය නිවේදනය කරයි.

පොලිස්පතිවරයාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරිනන්ගේ ජාලයන් මර්දනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ මැඬලීම සඳහා සිදු කරනු ලබන වැඩසටහනට සමාගාමීව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල කළ මෙම වැටලිම සිදුකර ඇත.

එහිදී රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්රෑම් 13 ග්රෑම් 339 ක්, හෑස් මත්ද්‍රව්‍ය කිලෝ 06 ග්රෑම් 395 ක්, කොකේන් ග්රෑම් 359ක් හා මුදල් රුපියල් ලක්ෂ 15ක් සන්තකයේ තබා සිටි සැකකරුවෙකු හා සැකකාරියක මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගෙන ඇති කාර් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.