ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ(18) හික්කඩුව වෙරළ තීරය සහ තංගල්ල වරාය හා ඒ ආශ්රිත වෙරළ තීරය කේන්ද්ර කරගනිමින් ක්රියාත්මක කෙරිණි.
ශ්රී ලංකාවේ සත්ය සමගිය හා ප්රතිසන්ධාන යාන්ත්රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISRM) යටතේ පිහිටුවීමට නියමිත සත්ය සමගිය හා ප්රතිසන්ධාන කොමිෂන් සභාව පිළබදව විවිධ ක්ෂේත්ර නියෝජිතයින් දැනුවත් කිරීම සහ අදහස් ලබා ගැනීමේ දෙදින වැඩසටහනක් පසුගිය 12 සහ 13 දෙදින පුරා කුරුණෑගල දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරයේ දී පැවැත්විණ.
ජූලි මාසයේ ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ ක්රීඩිකාව ලෙස ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තෝරාගත් බව ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත.
වසරකට සුනඛ සපාකෑම් ලක්ෂ තුනක් වන බව වසංගත රෝග විද්යායතනයේ ප්රජා සෞඛ්ය විශේෂඥ වෛද්ය අතුල ලියනපතිරණ මහතා පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අද (15) සිය නාම යෝජනා පත්ර භාරදුන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
මධ්යම පරිසර අධිකාරිය මෙරට පාසල් පද්ධතිය තුළ ක්රියාත්මක කරන පරිසර නියමු වැඩසටහනේ වාර්ෂික මහා මංගල්ය පසුගිය15 වැනිදා ආරම්භ වූ එය හෙට (18) දක්වා මහරගම - ජාතික අධ්යාපන ආයතනයේ පරිශ්රයේ දී පැවැත්වේ.
ඇසළ පෙරහැර සමයේ මහනුවර නගරය කේන්ද්ර කොට ක්රියාත්මක සියලු දන්සැල් ලියාපදිංචි කිරීමට කටයුතු යොදා ඇතැයි මහනුවර මහ නගර සභාවේ ප්රධාන වෛද්ය නිලධාරී වෛද්ය පසන් ජයසිංහ මහතා පවසයි.
ඊශ්රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා අවස්ථා ශ්රි ලාංකික ශ්රමිකයින්ට ලබාගැනීමේ අවස්ථාව තවදුරටත් පුළුල් කරමින්, බඳවාගැනීමේ පූර්ව පරීක්ෂණ දැන් ආරම්භ කර ඇති බව ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඉදිකිරීම් ප්රමාද වූ සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක සුර්යබල උද්යානයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට අවශ්ය උපදෙස් හා නිර්දේශ ප්රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබා දෙන ලදී.
ඓතිහාසික සෙංකඩගල ඇසළ පෙරහැරට සමගාමීව දාඹාන ආදිවාසීන් මී පැණි පූජා කිරිමේ චාරිත්රය අද (15) මහනුවර ශ්රී දළදා මාලිගාවේදී සිදුවිය.
දූරියන් වගාව ආර්ථික භෝගයක් ලෙස ප්රචලිත කිරීමේ ව්යාපෘතිය යටතේ බද්ධ දූරියන් පැළ බෙදාදීමේ හා ඒවා වගා කිරීම පිළිබඳ පුහුණු වැඩසටහනක් මිනුවන්ගොඩ ප්රදේශිය ලේකම්ගේ ප්රධානත්වයෙන් පසුගියදා(08) උඩුගම්පොළ කෘෂිකර්ම උපදේශක කාර්යාලයේදී සිදු කෙරිණි.
මහවිලච්චිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ 367 දෙමටමල්ගම ගම්මානෙයේ ප්රතිලාභීන් සඳහා මීමැසි පාලන ව්යාපෘතියක් හදුන්වාදීම පසුගිය දා සිදුකෙරිණි. ඒ මහවිලච්චිය ප්රාදේශීය ලේකම්වරියගේ මඟපෙන්විම මත, සහකාර ප්රාදේශීය ලේකම් හෂිනි යසාරා හිටිබංඩාරණායක මහත්මියගේ ප්රධානත්වයෙනි.
මහනුවර ඇසළ පෙරහැර මංගල්යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) ප.ව. 6.00 පසු වී විනාඩි 45 යෙදෙනෙ සුබ මොහොතින් ආරම්භ කිරීමට නියමිතය.
ශ්රී ලංකා නාවික හමුදාව, මන්නාරම සහ කල්පිටිය වෙරළ හා මුහුදු ප්රදේශ ආශ්රිතව අගෝස්තු මස 10 සහ 11 දෙදින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, බීඩි කොළ කිලෝ හාරසිය දහයයි (410) ග්රෑම් අටසීයක (800) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
බෝ නොවන රෝග ලංකාවේ ප්රමුඛතම ගැටලුවක් බවට පත්ව ඇතිබවත් ශ්රී ලංකාවේ සිදුවන මරණවලින් 80ි% බෝනොවන රෝගවල බලපෑමෙන් සිදුවන බවත් මාතලේ දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂ කුමුදු බණ්ඩාර මහතා පවසයි. මෙම තත්වයට මුහුණු දීම සදහා බහුපාර්ශවීය මැදිහත් වීමක් අවශ්ය බවත් අධ්යක්ෂවරයා පැවැසීය.
යාපනය පොලිස් වසමේ අරියාලේ ප්රදේශයේ දී පොලිස් මත්ද්රව්ය කාර්යාංශ මන්නාරම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (12) ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර කේරළ ගංජා ග්රෑම් 150 කට අධික ප්රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Page 90 of 769