Friday, May 16, 2025
Follow Us
ජූලි මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරි අතපත්තුට

ජූලි මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තෝරාගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත.

34 හැවිරිදි වියේ පසුවන චමරි අතපත්තු මෙම සම්මානය දිනාගන්නේ තුන්වෙනි වතාවටය.

පසුගියදා නිමා වු කාන්තා ආසියානු විස්සයි-විස්ස තරඟාවලි ජයග්‍රහණය තුළ ඇය දැක්වූ දක්ෂතා පදනම් කර ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් චමරිව නම් කර ඇත.

Smriti Mandhana සහ Shafali Verma ද මෙම සම්මානය සඳහා නිර්දේශ වු අනිත් ක්‍රීඩිකාවන්ය.