Friday, May 16, 2025
Follow Us
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කෙරේ

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) ප.ව. 6.00 පසු වී විනාඩි 45 යෙදෙනෙ සුබ මොහොතින් ආරම්භ කිරීමට නියමිතය.

සුබ නැකතින් ගමන් අරඹන පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගොස් පන්සල පාරෙන් ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ විදිය, ඊ.එල්. සේනානායක විදිය, හරස් වීදිය, ඩී.එස් සේනානායක වීදිය සහ රජ විදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිතය.

අවසන් සහ පස් වෙනි කුඹල් පෙරහැර ඊයේ (14) රාත්‍රී 7.00 පසුවී විනාඩි 15 වීදි සංචාරය කළ අතර, එම පෙරහැරේ සාධාතුක කරඩුව වැඩම කරවූයේ රුහුණු කතරගම දේවාලයේ වාසනා ඇතා වන අතර, දෑලේ ගමන් කළේ මියන් රාජා සහ කෝට්ටේ රාජා යන ඇතුන්ය.

ශ්‍රී දළදා මාළිගාව නියෝජනය කරමින් පෙරහැරේ ගමන් ගන්නා ලද්දේ පත්තිනි දේවාලේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතාය.