Thursday, May 15, 2025
Follow Us
බෝ නොවන රෝග වැළක්වීමට කමිටුවක්

බෝ නොවන රෝග ලංකාවේ ප්‍රමුඛතම  ගැටලුවක් බවට පත්ව ඇතිබවත් ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින්  80ි%  බෝනොවන රෝගවල බලපෑමෙන්  සිදුවන බවත් මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමුදු බණ්ඩාර මහතා පවසයි. මෙම තත්වයට මුහුණු දීම සදහා බහුපාර්ශවීය මැදිහත් වීමක් අවශ්‍ය බවත්   අධ්‍යක්ෂවරයා පැවැසීය. 

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වෙමින් අධ්‍යක්ෂවරයා මෙම තොරතුරු අනාවරණය කළේය. 

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ යෝජනාව අනුමත කළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා විසින් ඒ සඳහා කමිටුවක්  පත් කරනු ලැබීය. 

මෙම  කමිටුව  මාතලේ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන්  දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් වරුන්,  ප්‍රාදේශීය සභාවේ සභාපතිවරුන්,  කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් කෘෂීකර්ම අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි,  දිස්ත්‍රික්  සමාජ සේවා හා ක්‍රීඩා නිලධාරි ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන හා බහුවිධ සංවිධාන ඇතුලත්ව මෙම කමිටුව පත්කරනු ලැබිය. 

මෙම කමිටුව  රැස්වී  බෝ නොවන රෝග වළක්වා ගැනීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිතය.