Monday, November 10, 2025
Follow Us
Social and Equity

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට අපේක්ෂිත ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් නීතිඥ තරිඳු වික්‍රමනායක මහතා මෝසමක් මාර්ගයෙන් අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් ගොනු කළේය.

Social and Equity

ලංගම බසයකදී මගියෙකුට හෝ යම් අයෙකුට අසාධාරණයක් වනවා නම් දින 365ම දවසේ ඕනෑම වෙලාවක 1958 දුරකතන අංකයට අමතන ලෙස කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Social and Equity

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා- පැසිෆික් කළාපීය සමුළුවට සහභාගි වීමට පැමිණ සිටි කෘෂිකර්ම අමාත්යවරුන් හා ඉහළ නිලධාරින් බටඅත කෘෂිකාර්මික උද්යානය නිරීක්ෂණය කිරීම පසුගියදා එක්ව සිටියහ.

Social and Equity

අස්වැසුම දෙවැනි අදියරේ මුල් දින 12ට අයදුම්පත් 30,000ක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති අස්වැසුම පිළිබඳ වැඩමුළුවකට එක්වෙමිනි.

Social and Equity

වාලච්චේන කඩදාසි කම්හල වැසී යාමේ තත්ත්වයකට ඉඩ නොතබා රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේ අවශ්‍යතාව අදාළ අමාත්‍යවරුන්ට සහ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා පැවසීය.

Social and Equity
ජාතික පශු සම්පත් මණ්ඩලය මඟින් සූරියවැව විහාරගල ප්රදේශයේ ගෘහ ආශිත කුකුල් පාලයනය සඳහා ජනතාව වෙත කුකුල් පැටවුන් ලබා දීම පසුගියදා (23) සිදුවිය.
Social and Equity

රසායනික අවි තහනම් කිරීම සඳහා වූ සංවිධානය මගින් ගෝලීය සාමය සහ ආරක්‍ෂාව පවත්වා ගෙන යාම සඳහා ඉටු කරන කාර්යභාරය සැලකීමේදී, ආරක්‍ෂාව සම්බන්ධයෙන් සැලකිය යුතු රසායනික ද්‍රව්‍ය අධීක්‍ෂණය කිරීම සඳහා නව පනතක් හඳුන්වාදීම හා මාර්ගගත රසායනික අධීක්‍ෂණ සහ නියාමන පද්ධතියක් හඳුන්වාදීම ඔස්සේ, ඒ සඳහා වන ශ්‍රී ලංකා රජයේ සහ ඊට අනුබද්ධ ආයතනවල සුවිශේෂී කැපවීම පිළිබිඹු කරයි.

Social and Equity

මෙම වසර තුළ ජල ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා කරන්නේ නැති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

Social and Equity

අමාත්‍යවරුන් දෙදෙනකුගේ ලේකම්වරුන් හඳුනන  බව හගවමින් ඊශායල් හා ඉතාලි රැකියාවලට යවන්න රුපියල් ලක්ෂ 54 මුදලක් වංචා සහගතව ලබා ගත්තේ යයි කියන පහ වසර පෞද්ගලික ශිෂ්‍යත්ව උපකාරක පංති ගුරුවරයකු  බළපිටිය පාතමුල්ල ප්‍රදේශයේ දී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Social and Equity

ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය සකස් කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Social and Equity
ශ්රී ලංකාව පුරා අධික උණුසුම් තත්ත්වයක් පවතින මේ දිනවල, විජලනය වීමේ අවදානම වෙන කවරදාටත් වඩා ඉහළයි. කෙසේ නමුත් ඔබ ප්රමාණවත් තරම් ජලය පානය කරනවා ද යන්න ඔබේ ශරීරය ඔබට පහසුවෙන් හඳුනාගත හැකි ආකාරයට සඥ්ඥාවකින් පෙන්වන බව ඔබ දන්නවාද? ඔව්, ඒ ඔබේ මුත්රා වල වර්ණය හරහා යි!
Social and Equity

කෑගල්ල දිස්ත්‍රිකකයට මෙතක් විශාල අඩුපාඩුවක්ව පැවති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදෙන ලෙසට කෑගල්ල දිස්ත්‍රික් විගමනික කමිටුව සහ දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කඩිනමින් දිස්ත්‍රික් කාර්යාලයක් ලබාදීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහතික විය.

Social and Equity

අවස්ථා 11කදී අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙරට කීර්තිමත් දේශපාලනඥයකු මෙන්ම හිටපු මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයකු වූ රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත විය.

Social and Equity
පවතින වදුලි මිල අවම වශයෙන් 20% ඉක්මවූ ප්රතිශතයකින් අඩු කළ යුතු බවට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් මහජන උපයෝගිතා කොමිසමට නිර්දේශයක්
? විසන්ධි කළ විදුලි සබඳතා නැවත ලබා ගැනීමේදී අදාල හිඟ විදුලි ගාස්තු වාරික පදනමින් ගෙවීමට ක්රමවේදයක් සකස් කරන්න - කාරක සභාවෙන් මහජන උපයෝගිතා කොමිසමට උපදෙස් .
? බලශක්ති සුරෂිත බව තහවුරු කිරීම සඳහා ප්රවේශයක් ලෙස රාජ්ය අංශයේ විදුලි පරිභෝජනය පිළිබඳව විගණනයක් කරන්න - කාරක සභාවෙන් මහජන උපයෝගිතා කොමිසමට නිදේශයක්.
? ක්ෂුද්ර, සුළු සහ මධ්ය පරිමාණ කර්මාන්තකරුවන් ඉලක්ක කර ගනිමින් සහන පොළී අනුපාත යටතේ ණය යෝජනා ක්රමයක් ක්රියාත්මක කිරීම සඳහා කාරක සභාවෙන් යෝජනා
විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම ආදී පාර්ශ්ව ඉදිරිපත් කරන සංඛ්යා දත්ත සහ විදුලි මිල සම්බන්ධයෙන් බලපාන අනෙකුත් සියලු කරුණු විග්රහාත්මකව සමාලෝචනය කොට පවතින විදුලි මිල 33% කින් පමණ අඩු කළ හැකි බවට විශේෂඥයන් දක්වන මතය ද සැළකිල්ලට ගෙන අවම වශයෙන් 20% ඉක්මවූ ප්රතිශතයකින්, 2024 වර්ෂයේදී විදුලිබල මණ්ඩලයට ද අලාභයක් නොවන පරිදි අඩු කළ යුතු බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මහජන උපයෝගිතා කොමිසමට නිර්දේශ කරන ලදි.
ඒ අනුව මේ මස අවසන් වන විට විදුලි බිල අඩු කිරීමට අවශ්ය නිර්දේශ ඉදරිපත් කළ හැකි බව මහජන උපයෝගිත කොමිසමේ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතායේ සභාපතීත්වයෙන් පසුගිය දා (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
 
මෙවර කාරක සභාවේ සාකච්ඡාව සඳහා කර්මාන්ත අමාත්යංශය , මුදල් අමාත්යංශය , ශ්රී ලංකා මහ බැංකුව, මහජන උපයයෝගීතා කොමිෂන් සභාව , කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ව්යවසාය සංවර්ධන අධිකාරිය, ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව , දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන රාජ්ය ආයතනවල නිලධාරීන්ත ද,සුළු සහ මධ්ය පරිමාණ්ඩ කර්මාන්ත මණ්ඩලය ඇතුළු ක්ෂුද්ර, සුළු සහ මධ්ය පරිමාණ කර්මාන්තකරුවන් පිරිසක් ද කැඳවා තිබුණි.
 
සෘජුවම ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව ඇති ක්ෂුද්ර, සුළු සහ මධ්ය පරිමාණ කර්මාන්ත හඳුනා ගැනීමත් එම කර්මාන්ත ක්ෂේත්රය නැවත පණ ගැන්වීම තුළින් දේශීය ආර්ථිකය සක්රිය කර ගැනීමත්, විදේශ විනිමය ඉපයීම ඉහළ නංවා ගැනීමත් යන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම කාරක සභාව මෙහිදී නියෝග කිහිපයක් අදාළ ආයතන හා නිලධාරීන් වෙත ලබා දෙන ලදි.
ඒ අනුව විදුලි බිල ඉහළ යාම් නිසා දිවයින පුරා මේ වන විට වාර්ථා වී ඇති විදුලිය සම්බන්ධතා කපා හැරීම් ලක්ෂ 10 ඉක්මවන බව පෙන්වා දුන් කාරක සභාව කර්මාන්ත ක්ෂේත්රයට සහ සමාජයට ඇති වී තිබෙන පීඩනය සමනය කීරීම සඳහා වාරික පදනමින් හිඟ විදුලි ගාස්තු ගෙවීමේ සහන පදනම සහිතව මූලික අවස්ථාවේදී හිඟ ගාස්තුවෙන් 50% ක් පමණක් අය කර ගනිමින් නැවත විදුලිය සම්බන්ධතා ලබා දීමට කටයුතු කළ යුතු බව කාරක සභාව මෙහිදී නිර්දේශ කරන ලදී.
 
එමෙන්ම ස්ථාවර විදුලිය සම්බන්ධතා ලබා ගැනීමේදී ගෙවීමට සිදු වන ඉහළ ගාස්තු නිසා ක්ෂුද්ර, සුළු සහ මූල්ය කර්මාන්ත ආරම්භ කිරීමට යොමු වන නව ව්යවසායකයන් අධෛර්යයට පත් වීම වැළැක්වීම සඳහා සම්බන්ධතා ලබා ගැනීමේ ගාස්තුව ද වාරික වශයෙන් ගෙවීමට පාරිභෝගිකයාට ඉඩ සලසන ලෙසත් නව සම්බන්ධතා ගාස්තුව සමාලෝචනය කොට එය උපරිමයකින් අඩු කිරීමට කටයුතු කරන ලෙසත් කමිටුව නියෝග කරන ලදි.
 
එමෙන්ම බලශක්ති සුරෂිත බව තහවුරු කිරීම සඳහා ප්රවේශයක් ලෙස රාජ්ය අංශයේ විදුලි පරිභෝජනය පිළිබඳව විගණනයක් සිදු කරන ලෙසට කාරක සභා සභාපතිවරයා මෙහිදී මහජන උපයෝගිතා කොමිසමට උපදෙස් ලබා දුන්නේය.
 
කර්මාන්ත සඳහා බලශක්ති සැපයුම් මාර්ගයක් ලෙස සූර්ය බලශක්තිය ප්රවර්ධනය කිරීමේ අරමුණින් සූර්ය පැනල පද්ධති මිලදී ගැනීම සඳහා සහන පොළි යටතේ ණය ක්රමයක් ආරම්භ කිරීමට කාරක සභාව මුදල් අමාත්යාංශයට සහ මහ බැංකුවට නිර්දේශ කරන ලදී. එමෙන්ම සහන පොළී අනුපාත යටතේ ක්ෂුද්ර, සුළු සහ මධ්ය පරිමාණ කර්මාන්තකරුවන් ඉලක්ක කර ගනිමින් ණය යෝජනා ක්රමයක් ක්රියාත්මක කිරීම සඳහා කාරක විසින් සිදු කළ යෝජනාව අනුව උපරිමයකට යටත්ව ප්රතිමූල්ය පහසුකම් සැපයීමට මුදල් අමාත්යාංශය සිය එකඟතාවය පළ කරන ලදි.
 
ක්ෂුද්ර, සුළු සහ මධ්ය පරිමාණ කර්මාන්ත බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්ය කරන අමුද්රව්ය සැපයුම තහවුරු කිරීම සඳහා, විදේශයන්ගෙන් අත්යාවශ්යයෙන්ම ආනයනය කළ යුතු අමුද්රව්ය හඳුනාගනිමින් එම අමුද්රව්ය මත බදු සහන පැනවීමටද කාරක සභාව මෙහිදී නිර්දේශ කරන ලදී. තවද දැනට විදුලිබල මණ්ඩලය විසින් බාහිර ගැනුම්කරුවන්ට සහ වෙනත් ආයතනවලට අලෙවි කරමින් ඇති, දේශීය කර්මාන්ත රාශියක අමුද්රව්ය ලෙස භාවිතා කරන තඹ, ඊයම්, ඇළුමිනියම් සහ අනෙකුත් කාර්මික අබලි ද්රව්ය කර්මාන්ත අමාත්යාංශයේ සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ මගින් නිර්දේශ කරන ක්ෂුද්ර, සුළු සහ මධ්ය පරිමාණ කර්මාන්තකරුවන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන ලෙසට අදාළ ආයතන වෙත නියෝග කරන ලදි.
ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ක්ෂුද්ර, සුළු සහ මධ්ය කර්මාන්ත වෙනුවෙන් භාවිතා කරන නිර්වචනය සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, මහ බැංකුව වැනි අනෙකුත් ආයතන එම කර්මාන්ත වෙනුවෙන් භාවිතා කරන නිර්වචනය එකිනෙකට වෙනස් වීම හේතුවෙන් ප්රතිපත්තිමය තීරණ ගැනීමෙහිලා එය බාධාවක් වන බව කාරක සභාවට මෙම සාකච්ජාවේදී නිරීක්ෂණය විය .ඒ අනුව වහාම පොදු නිර්වචනයක් මත පිහිටා සංඛ්යා දත්ත නිකුත් කිරීම ඔස්සේ ප්රතිපත්ති සම්පාදකයන්ට සිය සහයෝගය ලබා දෙන ලෙසට කමිටුව විසින් ජන හා සංඛ්යාලේකන දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදි.
 
තවද මූල්ය අර්බුදවලට ලක්ව සිටින ක්ෂුද්ර, සුළු සහ මධ්ය පරිමාණ කර්මාන්තවල ශේෂ පත්රය සක්රිය කර ගැනීම සඳහා අවශ්ය ණය පහසුකම් ලබා ගැනීම පහසු වනු පිණිස ඔවුන්ගේ ණය තොරතුරු අසාදු ලේඛනවලින් ඉවත් කිරීම සඳහා කඩිනම් ක්රියාමාර්ග ගැනීමට ණය තොරතුරු කාර්යාංශය කටයුතු කළ යුතු බවත් ක්ෂුද්ර, කුඩා සහ මධ්ය පරිමාණ කර්මාන්ත ලියාපදිංචියට මෙන්ම ඒවාට බලපත්ර ලබා ගැනීමට පවතින සියලු නීති සහ ක්රමවේද සමාලෝචනය කර සරල ක්රමවේදයක් හඳුන්වා දීමටත් කාරක සභව නිර්දේශ කරන ලදි.
 
ඒ අනුව කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්රියාත්මක කරවීම සඳහා කර්මාන්ත අමාත්යාංශයේ ප්රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කරන ලෙසටත්, සතියක් තුළ එහි ප්රගතිය වාර්තා කිරීමට කටයුතු කරන ලෙසටත් කාරක සභව විසින් සියලු පාර්ශවයන් වෙත දැනුම් දෙන ලදි.
මේ අවස්ථාව සඳහා රාජ්ය අමාත්යවරුන් වන  ප්රසන්ත රණවිර, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන වසන්ත යාපා බණ්ඩාර, සහන් ප්රදීප් විතාන, මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස, ජගත් ප්රියංකර යන මහත්වරුන් ඇතුළු රාජ්ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.
Social and Equity

ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (21 වැනිදා) පැවැති විස්සයි20 තරගයෙන් පසුව විනය විරෝධීව හැසුරුණේ යැයි ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක වනිඳු හසරංගට තරග දෙකක තහනම් සහ තරග මුදලින් සියයට 50 ක දඩයක් පනවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

Social and Equity

විදුලි ගාස්තු සංශෝධනය පිලිබඳ මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද (28) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Social and Equity

ඇල්පිටිය, පතිරාජ මාවතේ නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි

Social and Equity

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 45 වන වරටත් අද (23) රාත්‍රීයේ වීථි සංචාරය කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කර පෙරහර සමාරම්භය සනිටුහන් කළේය.