Saturday, May 09, 2026
Follow Us
අනුරාධපුර රෝහලේ අපයෝජන සිද්ධියට අදාළ සැකකරු අල්ලයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී අතවර කළ බවට සැක පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා ගල්නෑවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.