සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින්, 1983 සිට 2009 කාලය දක්වා ඇති වූ ගැටුමෙන් පැන නගින ප්‍රජා අභියෝගයන් පිළිබඳ නිරීක්ෂණ එක් රැස් කිරිම සහ ඒ සඳහා විසඳුම් සෙවීම අරමුණු කොටගෙන, එහි මොනරාගල දිස්ත්‍රික්කයේ පාර්ශවකරුවන් සඳහා 2024 ජූනි මස 05 වනදා සිට 08 වනදා දක්වා රැස්වීම් මාලාවක් පවත්වනු ලැබීය.
ඓතිහාසික අනුරාධපුර පුජා නගරයේ සඳහිරු මහා සෑය කේන්ද්‍ර කොටගෙන පවත්වනු ලබන සඳහිරු මහා සෑ පොසොන් කලාපයේ සමාරම්භක උත්සවය, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජුනි 21) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් රාජ්‍ය භාෂා සතියට සමගාමීව චිත්‍ර තරගයක් සංවිධානය කර ඇත.
සීතාවක සංචාරක කලාපය තිරසර සංචාරක කලාපයක් ලෙස ඉකුත් 21දා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පැවති උත්සවයකදී නම් කෙරුණි.
පියුමි හංසමාලිගේ රූපලානව්‍ය ව්‍යාපාරයේ ආදායම් හා විදේශ ආනයන අපනයන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබේ.
ඉන්දියාවේ මෑතකාලීනව වාර්තා වූ කුරුළු උණ (H9) සිද්ධීන් සැලකිල්ලට ගනිමින්, රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අපි රෝගය පිළිබඳ අපගේ දැනුම යාවත්කාලීන කළ යුතු අතර එවැනි රෝග වාර්තා වීමක් සිදුවුවහොත් වගකීමෙන් ක්‍රියා කළ යුතුය. මෙන්න ඔබ දැනගත යුතු දේ සහ ඔබට ආරක්ෂිතව සිටිය හැකි ආකාරය:
කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවූවන් පිරිසක් සඳහා විශේෂ රාජ්‍ය සමාවක් හිමිවී තිබේ.
කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තා කැඳවන ලෙසත්, එම වාර්තා අනුව මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් තුළ ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙසත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය.
විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිත කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, රැකිරක්ෂා ලබාදීමට, ලියපදින්චිවන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
පළාත් පාලන ආයතන තුළ තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ එක් විය.
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය කටයුතු කර ඇත.
Page 72 of 742