ආහාර නාස්තිය අවම කිරීම සහ ආහාර පිළිබඳ පවතින අනාරක්ෂිත බව අවම කිරීම කාලීන අවශ්‍යතාවක් බව ග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අපද්රව්යවලින් ඔබ්බට: දකුණු ආසියාවේ පෝෂණ ගුණත්මකභාවය වැඩි කිරීම සඳහා ආහාර, ජලය සහ බලශක්ති ප්රශස්තකරණය” (Beyond Waste: optimizing food, water and energy for better nutrition in South Asia) මැයෙන් කොළඹදී පැවති ප්රතිපත්ති සංවාදයට එක් වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය. .
මෙම ප්රතිපත්ති සංවාදය ලෝක බැංකුව, ශ්රී ලංකා අග්රාමාත්ය කාර්යාලය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්යාංශයේ මූලිකත්වයෙන් Gates පදනමේ සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ මූල්ය සහාය ඇතිව සංවිධානය කරයි.
දින දෙකක් පුරා පැවැත්වෙන මෙම ප්රතිපත්ති සංවාදය, ආහාර නාස්තිය අවම කිරීම, ආහාර පද්ධතිය ශක්තිමත් කිරීම සහ තිරසාර සම්පත් භාවිත කිරීම ප්රවර්ධනය කිරීම අරමුණ කර ගනිමින් සංවිධානය කරන ලද්දකි.
ජාතික මට්ටමින් ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ඒකාබද්ධකරණය, නවෝත්පාදනය සහ අන්තර්ගතභාවය යන අත්යවශ්ය සාධක තුනක් වැදගත් වන බවත්, තාක්ෂණික විසඳුම්, කෘෂි වෙළෙඳ වැඩමුළු, සහ ආහාර පද්ධතියට කාන්තාවන්ගේ හා තරුණ තරුණියන්ගේ දායකත්වයෙන් එය ළඟා කරගත හැකි බවත් අගමැතිනිය මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළා ය.
මෙම අවස්ථාවට දකුණු ආසියානු කලාපය නියෝජනය කරමින් පරිසර අමාත්ය ආචාර්ය ධම්මික පටබැඳි, නේපාලය, මාලදිවයින සහ ශ්රී ලංකාව සඳහා ලෝක බැංකු කලාප අධ්යක්ෂ David Sislen, Gates පදනමේ අධ්යක්ෂක, Archna Vyas, BIMSTEC සංගමයේ මහ ලේකම් Indra Mani Pandey ඇතුළු සිවිල් සමාජ සංවිධානවල සහ පෞද්ගලික අංශයට සම්බන්ධ පිරිස් ද සහභාගී වූහ.