කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කළ සුව සේවා විරුවන්ට උපහාර පිණිස Cinnamon Hotels & Resorts වෙතින් නොමිලේ නිවාඩු පැකේජයක් පිරිනමා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
තමන්ට හිමි අතිකාල දීමනා ගෙවන්නැයි ඉල්ලමින් දකුණු පළාතේ රෝහල් කිහිපයකම හෙද හෙදියන් ඊයේ (15) දිනයේත් විරෝධතා ව්‍යාපාරවල නිරත වූහ.
පේරාදෙණිය උද්භිද උද්‍යානය ජුනි 15 සිට මහජනතාවට විවෘත කෙරැන බව උද්‍යානයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ශිලෝමි කිෂ්ණරාජා මෙනවිය පැවසුවාය.
ETI ගනුදෙනුකරුවන් විසින් පවරා ඇති නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පොලිසියට අද වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
තවත් ශ්‍රී ලාංකිකයින් දස දහසක් පමණ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේ කටුනායක ගුවන් තොටුපළ නැවත විවෘත කිරීම, එම පිරිස ගෙන්වා ගැනීමෙන් පසු අගෝස්තු මස පළමුවනදා වන විට සිදු කිරීමට අවධානය යොමුව ඇති බවයි.
A special SriLankan Airlines flight brought back a group of Sri Lankans stranded in Pakistan today.
වැලිසර නාවික හමුදා කඳවුර මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කිරීමට ඉදිරි දින කිහිපය තුළ හැකි වනු ඇති බව නාවික හමුදාව පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පවසනවා.
දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වූ බෝග වනසන පළගැටියා මේ වනවිට සාර්ථකව මර්දනය කරමින් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් පැවසුවේ මෙම පළගැටියා හේතුවෙන් ප්‍රධාන බෝගවලට ආර්ථික වශයෙන් විශාල හානියක් සිදුව නොමැති බවයි.
Director of the State Intelligence Services of Sri Lanka (SIS) Major General Suresh Sallay has sent a Letter of Demand to Executive Director of the International Truth and Justice Project (ITJP) Ms. Yasmin Sooka and the ITJP for making various allegations against Maj.gen. Sallay, his Lawyer said.
කොරෝනා රෝගය ආසාදනය වූ ඉන්දීය ජාතිකයන් නීති විරෝධී අයුරින් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවලින් මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවයි.
A recovered COVID-19 patient from Anuradhapura has reportedly tested positive for the virus for the second time, health authorities said.
අන්තර්ජාල රේඩියෝවක් උපයෝගී කර ගනිමින් LTTE සංවිධානයේ මතවාදය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් පිළිබද තොරතුරු වාර්තා වනවා.
රට සම්පූර්ණයෙන්ම විවෘත කර සති 3 ක් ගත වුවද කිසිදු කොරෝනා ආසාදිතයෙකු සමාජයෙන් වාර්තා වී නොමැති බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. ඇය පෙන්වා දෙන්නේ එය රටක් ලෙස ලැබූ ජයක් ලෙසයි.
ලබන බදාදා (17දා) සිට කොවිඩ් රාජකාරිවලින් ඉවත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
Attorney General Dappula De Livera informed the Special High Court today that Interpol has informed him that former Central Bank Governor Arjuna Mahendran has changed his name to Harjan Alexander.
පාලන මිල ඉක්මවා කුකුළු මස් අලෙවි කරන වෙළෙඳසල් සොයා ඊයේ (14 වැනිදා) සිට වැටලීම් ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී ඇඳිරි නීතිය පැනවූ දා සිට මේ වනතෙක් පෞද්ගලික බස් කර්මාන්තය ලැබූ පාඩුව රුපියල් කෝටි එකසිය පනහක් බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
Page 565 of 727