Wednesday, February 18, 2026
Follow Us
විදුලි පාරිභෝගික පැමිණිලි විසඳන්න අලුත් ක්‍රමයක්

විදුලි පාරිභෝගිකයන්ගේ පැමිණිලි එදිනම විසඳීම අරමුණු කර ගනිමින් ජංගම සහන සේවය සියලූම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙන බව පැවසේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලය හා ලෙකො (ලංකා විදුලි පුද්ගලික සමාගම) එක්ව එම සහන සේවයක් ක්‍රියාවට නංවනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරනවා.

එම ජංගම සේවයේ පළමු අධියර දකුණු පළාතේ විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් ගාල්ලේ දී පවත්වා ඇත. මෙහිදී විදුලි පාරිභෝගික පැමිණිලි 500ක් විසඳීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

නැවත එවැනි විදුලි පාරිභෝගික ජංගම සහන සේවයක් අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්කවල දී පැවැත් වීමට නියමිතයි.

(Aruna)