Tuesday, February 17, 2026
Follow Us
පාස්කු ප‍්‍රහාරය ගැන කිසිම වාර්තාවක් ජිනීවා සමුළුවට ඉදිරිපත් කර නෑ

ඉස්ලාමීය අන්තවාදීන් විසින් එල්ල කළ පාස්කු ප‍්‍රහාරයට අදාළ කිසිදු වාර්තාවක් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වී නැතැයි ජිනීවා ආරංචි මාර්ග හෙළිකර ඇත.

පසුගිය සඳුදා (14 දා) 45 වැනි මානව හිමිකම් සමුළුව ආරම්භ වූ අතර එක්සත් ජාතීන්ගේ නියෝජිත පැබ්ලෝ ග්‍රෙයිස් විසින් ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති ලෙස මහින්ද රාජපක්‍ෂ සහ ආරක්‍ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්‍ෂ කටයුතු කරන සමයේ සිදුවූ සිද්ධීන් 20 ක් ගැන පමණකි.

269 ක් ඝාතනය වූ පාස්කු ප‍්‍රහාරයට අදාළ තොරතුරු මානව හිමිකම් කවුන්සිලයෙන් වසං වී තිබේ. එම ප‍්‍රහාරය ගැන රාජ්‍ය නොවන සංවිධාන ද මානව හිමිකම් කවුන්සිලයට කිසිම වාර්තාවක් යවා නැත. එහෙත් 20 වැනි සංශෝධනයට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන විසින් පෙත්සම් 200 ක් මානව හිමිකම් කවුන්සිලයට යවා ඇත.

(Lanka Leads)