Friday, February 13, 2026
Follow Us
දැන් නිරෝධායනයට යවන අයගේ PCR පරීක්ෂණ කෙරෙන්නේ තව දින 10කින් !

දැනට වෛද්‍ය උපදෙස් මත ගෙන ඇති ක්‍රියාමාර්ග අනුව දැන් නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙන උදවිය කොරෝනා ආසාදනයට ලක්ව ඇත්දැයි හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණයට ලක් කෙරෙන්නේ තවත් දින 10කින් බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ඊයේ (16) දිනයේදී නිරෝධායනයට යැවුණු ජා ඇල කොරෝනා සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට වෛරසය ආසාදනය වී ඇත්දැයි දැන ගැනීමට සිදුවන්නේ තවත් දින 10කින් බවයි ඒ මහතා සඳහන් කළේ.

හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද (17) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

(LNW)