Thursday, February 12, 2026
Follow Us
නව රෝගීන් 14ක් : මුළු කොරෝනා රෝගීන් ගණන 233ක් වෙයි

මෙරට නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා. අද (14) සවස් කාලයේදී නව කොරෝනා රෝගීන් 14 දෙනෙක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 15ක් වනවා.

මින් රෝගීන් 08 දෙනෙක් යාපනයෙන් ද තවත් සිව්දෙනෙක් මුලන්කෝවිල් හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද වාර්තා වී ඇත. අනෙක් රෝගියා වාර්තා වන්නේ පුත්තලම ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකින් බවයි වාර්තා වන්නේ.

අනෙක් රෝගියා නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අයෙක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේ.

(Neth)