Thursday, February 12, 2026
Follow Us
බක් පුර පසළොස්වක පොහොය අදයි

බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබේ. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ, බක් පුර පසළොස්වක පොහොය දිනයක බව ඉතිහාසයේ සඳහන් වෙයි.

චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ සේක.

එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

(Aruna)