Thursday, February 12, 2026
Follow Us
කොවිඩ් රෝගියා ලෙඩේ හංගයි – අපේක්ෂා රෝහලේ 14 දෙනෙක් නිරෝධායනයට

කොවිඩ් වැලඳී ඇති පුද්ගලයෙකු වෛද්‍යවරුන්ට අසත්‍ය ප්‍රකාශ කරමින් මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණීම හේතුවෙන් එම රෝහල් කාර්ය මණ්ඩල 14 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇත.

පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ සාරද කන්නන්ගර පවසන පරිදි නිරෝධායනයට යොමු කළ පිරිස අතර වෛද්‍යවරුන් 4 දෙනෙක් සහ හෙදියෝ 6 දෙනක්ද වෙති.

(Lanka Leads)