Thursday, February 12, 2026
Follow Us
බැංකු අසළ දිගු පෝළිම් - ජනතාවගෙන් ඉල්ලීමක්

තම ATM කාඞ්පත පෙන්වා ළගම ඇති බැංකු ශාඛාවට යාමට හෝ අවසර ලබාදෙන්නේ නම් එය වඩාත් වැදගත්වනු ඇතැයි ජනතාව පවසනවා.

නෙත් නිවුස් ඇමතූ බොහෝ පිිරිසක් පැවසුවේ තම ප‍්‍රදේශවලට පැමිණෙන රථ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෝ තමන් සතුව මුදල් තිබිය යුතු බවයි.

එබැවින් ATM කාඞ්පත සහ ජාතික හැදුනුම්පත පෙන්වා ළගම පිහිටි බැංකු ශාඛාවට හෝ යාමට අවසර ලබාදෙන්නැයි ඇදිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල ජනතාව ඉල්ලා සිටිනවා.

ඒ අනුව ඇදිරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල ජනතාවගේ පහසුව වෙනුවෙන් ජංගම බැංකු සේවා හෝ කි‍්‍රයාත්මක කළ හැකි දැයි නෙත් නිවුස් සොයා බැලීමක් කළා.

බැංකු ප‍්‍රධානීන් පැවසුවේ එක් එක් බැංකුව සතුව ඇත්තේ සීමිත ජංගම රථ බැවින් සම්පූර්ණ ප‍්‍රදේශ ආවරණ වන පරිදි ජංගම රථ යෙදවීමේදී ප‍්‍රායෝගික ගැටළු මතු විය හැකි බවයි.

ඇදිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශවලද අද උදෑසන සිට දිගුපෝලිම් වැඩි වශයෙන් දක්නට ලැබුණේ බැංකු ශාඛා අසල බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

(Neth)