Thursday, February 12, 2026
Follow Us
නිරෝධායනය වු තවත් 132ක් නිවෙස් වෙත

විදෙස් රටවල සිට පැමිණෙන නිරෝධායනය වූ තවත් කණ්ඩායමක් අද (30) සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.

132 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පිටත්ව ගොස් තිබේ.

පුද්ගලයින් 76 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිට ඇති අතර සෙසු 56 දෙනා පූනානි හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිට තිබේ.

මේ වන විට නිරෝධායනයට ලක්ව 1565 දෙනෙකු සිය නිවෙස් වෙත පිටත්ව ගිය බව යුද හමුදාව සඳහන් කළේය.

(Aruna)