Thursday, February 12, 2026
Follow Us
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මඟින් කොරෝනා පැතිරෙන කතාව බොරුවක්

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මඟින් කොරෝනා වෛරසය පැතිර යාහැකි බවට සමාජ මාධ්‍ය ජාල තුළ පැතිරෙන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව IDH රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

ආහාර මඟින් කොරෝනා වෛරසය පැතිරයාමක් කිසිසේත්ම සිදු නොවන බවයි ඒ මහතා අවධාරණය කළේ.

කෙසේවෙතත් මෙවැනි ආහාර ද්‍රව්‍ය අපිරිසිදු මට්ටමේ පවතී නම් වෙනත් රෝග වැළඳීමට නම් ඉඩ ඇති හෙයින් ආහාර විකිණීමේදී අත්වලින් ස්පර්ශ නොකර අත් ආවරණ පැළඳීම හෝ ආහාර ඇල්ලීමට උපකරණයක් භාවිතා කිරීම වඩාත් සුදුසු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

(LNW)