Thursday, February 12, 2026
Follow Us
තවත් ගම්මාන තුනක් ලොක් ඩවුන්

මහනුවර අකුරණ ප්‍රදේශයේ ගම්මානයක් සහ පුත්තලම කඩයම්කුලම් ප්‍රදේශයේ ගම්මාන දෙකක් සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගෙන තිබේ.

කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු එම ප්‍රදේශවලින් ඊයේ (28) හමුවීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

ඒ අනුව මෙම ගම්මාන තුනට ද ඇතුළු වීම හෝ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

මීටපෙර බණ්ඩාරගම, අටළුගම ගම්මානය ද මෙසේ වසා දමන ලදී.


(LNW)