Thursday, February 12, 2026
Follow Us
නිරෝධන මධ්‍යස්ථානවල සිටි තවත් 223දෙනෙක් නිවස් වෙත

දින 14ක නිරෝධායන කාලයකින් පසු නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාසිටි තවත් පුද්ගලයින් 223 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර යැවූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේය.

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 125දෙනෙකු, කන්දකාඩු මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 42 දෙනෙකු, මීයන්කුලම මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 18 දෙනෙකු සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 30දෙනෙකු මෙලෙස පිටත් කර හැර තිබේ.

මේ වනවිට නිරෝධායනයට ලක්වු පුද්ගලයින් 735 දෙනෙකු සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට කටයුතු කර ඇති බවත් තවත් තුන්දහසකට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වල රැදි සිටින බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

(Aruna)