Thursday, February 12, 2026
Follow Us
රෝග විනිශ්චය පත්‍රය හා ඖෂධ වට්ටෝරුව ඇඳිරිනීති අවසරපතක් ලෙස සලකන්න

ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාවේ ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබීමට අවසර ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

එහිදී රෝගියාගේ රෝග විනිශ්චය පත්‍රය හා ඖෂධ වට්ටෝරුව ඇඳිරිනීති අවසරපතක් ලෙස සලකන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඔසුසල් අදත් (25) විවෘතව තැබුණි.

පෝලිම්වල රැදීසිටින සියලුම ජනතාවට භාණ්ඩ ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න මහතා වෙළඳසැල් හිමියන්ට සිදුකළ ඉල්ලීමකට අනුව ඇඳිරි නීතිය ඊයේ යළි පැනවීමෙන් පසුව ද පොලිම්වල රැදීසිටින සියලුම ජනතාවට භාණ්ඩ ලබා දීමට වෙළෙඳුන් කටයුතු කර තිබුණි.

ඒ අනුව මාළිගාවත්ත සතොස ආයතනය ඊයේ රාත්‍රි 11.30 වන තුරු සිය පෝලීම්වල රැඳී සිටි අවසන් පාරිභෝගිකයා දක්වා භාණ්ඩ ලබාදීමට කටයුතු කර තිබුණේය.

හොරණ ප්‍රදේශයේත් අත්‍යාවශ්‍ය සේවාවන් අදත් ක්‍රියාත්මක වූ ආකාරය අද දෙරණ කැමරාවේ සටහන් විය.

(Lanka Leads)