Thursday, February 12, 2026
Follow Us
කොරෝනා ආසාදනය වී සුව වූ දෙවන රෝගියාත් රෝහලෙන් පිටව යයි

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අංගොඩ IDH රෝහලේ ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයෙකු සුවය ලබා එම රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

IDH රෝහලේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ එංගලන්තයේ සිට පැමිණි ශී‍්‍ර ලාංකික සිසුවෙකු මෙලෙස සුවය ලබා රෝහලෙන් පිටව ගිය බවයි.

ඒ අනුව චීන කාන්තාව ද ඇතුලූව මේ වනවිට මෙරටින් සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 03 ක්.

මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 102 ක් වනවා. සැක කෙරෙන රෝගීන් 250 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

(Neth)