Thursday, February 12, 2026
Follow Us
කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිස ගම්පහින්

මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වන විට මෙරටින් තහවුරු වී ඇති ආසාදිතයින් 65 දෙනාගෙන් 18 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12 දෙනෙකු, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් සිව්දෙනා බැගින් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන තිබේ.

ගාල්ල, කෑගල්ල, මාතර, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් එක් කොරෝනා ආසාදිතයෙකු බැගින් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඔවුන් මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යා ආයතනය හෙවත් අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබයි.

මේ අතර කොරෝනා වෛරසයේ සැක කටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් 218 දෙනෙකු දිවයින පුරා රෝහල් 14ක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

(Lanka Leads)