Thursday, February 12, 2026
Follow Us
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වෙයි. මුළු සංඛ්‍යාව 59යි.

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තවත් තිදෙනෙකු පිළිබඳ මීට සුළු මොහොතකට පෙර වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

කුඩා දරුවෙක්, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ සිටින වයස 64ක රෝගියෙක් සහ IDH රෝහලෙහි සිටින වයස 23ක තරුණයෙක් වශයෙන් එම රෝගීන් වාර්තා වී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබේ.

(LNW)