Wednesday, May 13, 2026
Follow Us
බැඳුම්කර වංචාවේ වරෙන්තුකරුවෙක් CID අත්අඩංගුවට

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ දිනයේ නිකුත් කළ වරෙන්තු මත අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ වරෙන්තු නියෝගය ලබා සිටින පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් වන මුතුරාජා සුරේන්ද්‍රන් අප‍රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

(Neth)