Saturday, July 05, 2025
Follow Us
ඇමති විමල්ගේ මත්ද්‍රව්‍ය කතාවට එරෙහිව අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනයේ

දුම්රිය රියදුරන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ වගකීම් විරහිත ප්‍රකාශයට විරෝධය පළකරමින් අද (05) මධ්‍යම රාත්‍රි 12.00 සිට හෙට (06) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් තීරණය කර ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.

එම සංගමය අද දහවල් රැස්ව මෙම තීරණයට එළඹුණු බව පැවසූ ඒ මහතා ඒ අනුව අදාළ කාලසීමාව තුළ දුම්රිය රියදුරන් අසනීප නිවාඩු වාර්තා කරනු ඇති බවයි සඳහන් කළේ.

දුම්රිය රියදුරන්ගේ මම වෘත්තීය ක්‍රියාමාර්ගයට දුම්රිය පාලකවරුන්ගේ, නියාමකවරුන්ගේ සහ ස්ථානාධිපතිවරුන්ගේ ද සහාය ලැබෙන බව සඳහන්.

(Lanka Leads)