Wednesday, February 11, 2026
Follow Us
ලොකු ලූණුවලට අවම සහතික මිල රුපියල් 80යි

ලොකු ළුණු සඳහා දේශීය ගොවියාට ලබාදෙන අවම සහතික මිල කිලෝග්‍රෑමයකට රු.60 සිට රු.80 දක්වා ඉහළට දමා ඇත.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද(28) එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ දැනට පවතින රුපියල් 60ක් වු අවම සහතික මිල ඒ අනුව රුපියල් 20කින් ඉහළ දමා ඇති බවයි.

මෙයින් ලොකු ළූණු ගොවීන්ගේ ආදායම ඉහළ දැමීමට රජය බලාපොරොත්තු වෙයි.

(Aruna)