Wednesday, February 11, 2026
Follow Us
උදයංග වීරතුංග රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

අද (14) උදෑසන මෙරටට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ඔහු එළඹෙන 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

උදයංග වීරතුංග මහතා රුසියානු තානාපතිව සිටි සමයේ ඔහුගේ මැදිහත් වීම මත සිදුව තිබෙන මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණු අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුද නිකුත් කර තිබුණි.

එහෙත් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ නමුත් ඔහු පැමිණ තිබුණේ ඕමානයේ මස්කට් නුවර සිටය.

(LNW)