Wednesday, February 11, 2026
Follow Us
උදයංග වීරතුංග කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත

අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණි, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන බව වාර්තා වේ. කටුනායක ගුවන් තොටුපලේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ භාරයට පත් වූ අතර පසුව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් උදයංග වීරතුංග මහතා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

රුසියානු තානාපතිවරයාව සිටි සමයේදී ඔහුගේ මැදිහත්වීම මත සිදු වූ දූෂිත මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර එම චෝදනා පිළිබඳව සිදුකළ පරීක්ෂණවලට අනුවයි වීරතුංග මහතා අත්අඩංගුවට පත් වූයේ.

ඔහු දිගු කලක් අතුරුදන්ව සිටි අතර ඕමානයේ මස්කට් නුවර සිට අද අළුයම ඔහු කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ.

(LNW)