Sunday, June 07, 2026
Follow Us
කොළඹ වරාය නගරයේ මුහුදු පත්ල පවිත්‍ර කෙරේ
ජුනි 8 වැනි දිනට යෙදී ඇති ලෝක සාගර දිනය නිමිත්තෙන් කොළඹ වරාය නගරයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (6)  පැවැත්විණ.

 

ශ්රී ලංකාවේ සාගර කලාපයේ සුරක්ෂිතතාව සහ පිරිසිදුකම තහවුරු කිරීම අරමුණු කරගත් සුවිශේෂී මුහුදු පත්ල පිරිසිදු කිරීමේ මෙම වැඩසටහන පරිසර අමාත්යාංශයට අයත් සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් තවත් ආයතන කිහිපයක් හා එක්ව සංවිධානය කර තිබුණි.
 
මෙම මෙහෙයුමේ ප්රධානතම අංගය වූයේ දක්ෂ කිමිදුම් කණ්ඩායම් (Divers) යොදවමින් වරාය නගර පරිශ්රයට අයත් සාගර පත්ලේ රැඳී තිබූ, සාගර ජීවීන්ට මෙන්ම සමුද්රීය පද්ධතියට දැඩි ලෙස හානි පමුණුවන ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු නොදිරන ඝන අපද්රව්ය විශාල ප්රමාණයක් ගොඩගැනීමයි.
 
මෙලෙස එකතු කරන ලද සාගර අපද්රව්ය විද්යාත්මක ක්රමවේදයන්ට අනුව වර්ගීකරණය කර, ප්රතිචක්රීකරණය සඳහා නිසි ආයතන වෙත භාරදීමට ද පියවර ගැනුණි.
 
ශ්රී ලංකාව සතු සාගර සම්පත රැකගැනීම රටේ අනාගතය වෙනුවෙන් පැවරී ඇති අත්හළ නොහැකි වගකීමක් බවත්, රාජ්ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධව මෙවැනි සක්රීය දායකත්වයක් ලබාදීම අගය කළ යුතුයි.
 
මෙම සාගර සුරකීමේ සත්කාරක පියවර සඳහා මෙරට ප්රමුඛ පෙළේ පෞද්ගලික ආයතන රැසක් දායකත්වය සපයන ලද අතර, වැඩසටහන සාර්ථක කර ගැනීමට මූල්ය හා සන්නද්ධ ශක්තිය සැපයූ ආයතන වෙත සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සිය විශේෂ ඇගයීම් උපහාර ලිපි පිරිනමන ලදී.
 
ශ්රී ලාංකීය සාගර කලාපයේ තිරසාර පැවැත්ම උදෙසා මහජනතාව, ධීවර ප්රජාව සහ සංචාරකයන් වඩාත් වගකීම් සහගත ලෙස කටයුතු කිරීමටත්, සාගරයට අපද්රව්ය බැහැර කිරීම වැළැක්වීම සඳහා දැඩි නීතිමය ක්රියාමාර්ග මෙන්ම මෙවැනි ප්රායෝගික පිරිසිදු කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්රියාත්මක කිරීම සදහා නව රජයේ පාරිසරික සංරක්ෂණ වැඩපිළිවෙළ ඉදිරියටත් ක්රියාත්මක වනු ඇත.
මෙම අවස්ථාව සදහා සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති, සාමාන්යාධිකාරී සහ clean sri lanka ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.