ජනාධිපති අරමුදලේ සේවාවන් ප්රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට විමධ්යගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ, එහි පළමු වසර තුළ ඉහළම කාර්ය සාධනයක් දැක්වූ බස්නාහිර පළාතේ ප්රාදේශීය ලේකම් කාර්යාල ඇගයීමේ විශේෂ වැඩසටහනක් පසුගිදා (06) කොළඹ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
පාර්ලිමේන්තුවේ කතානායක මෙන්ම ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩල සාමාජික ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් මෙම ඇගයීම් උත්සවය සංවිධානය කර තිබුණි.
මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ කඩිනම් සේවාවක් සැපයීමේ අරමුණින් ක්රියාත්මක වූ මෙම විමධ්යගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ, 2025 වර්ෂය තුළ ඉහළම කාර්ය සාධනයක් වාර්තා කරමින් සම්මානයට පාත්ර වූ ප්රාදේශීය ලේකම් කාර්යාල දිස්ත්රික් මට්ටමින් පහත පරිදි වේ.
කොළඹ දිස්ත්රික්කය
1. හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලය
2. කඩුවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලය
3. කැස්බෑව ප්රාදේශීය ලේකම් කාර්යාලය
ගම්පහ දිස්ත්රික්කය
1. ගම්පහ ප්රාදේශීය ලේකම් කාර්යාලය
2. බියගම ප්රාදේශීය ලේකම් කාර්යාලය
3. මහර ප්රාදේශීය ලේකම් කාර්යාලය
කළුතර දිස්ත්රික්කය
1. පානදුර ප්රාදේශීය ලේකම් කාර්යාලය
2. බේරුවල ප්රාදේශීය ලේකම් කාර්යාලය
3. බණ්ඩාරගම ප්රාදේශීය ලේකම් කාර්යාලය
මෙම ඇගයීම් අවස්ථාව සඳහා ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩල සාමාජිකයන් වන එස්. සී. මායදුන්න, සම්මානිත මහාචාර්ය ජේ. ජයකොඩි, රාජ්ය පරිපාලන හා පළාත් පාලන අමාත්යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර යන මහත්වරුන් එක්ව සිටියහ.
එසේම ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, කොළඹ දිස්ත්රික් ලේකම් ප්රසන්න ගිනිගේ, කළුතර දිස්ත්රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත් සහ ගම්පහ අතිරේක දිස්ත්රික් ලේකම් ජේ. ඩබ්. එස්. කිත්සිරි යන මහත්වරුන් ඇතුළු ප්රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්රාදේශීය ලේකම්වරුන්, ගණකාධිකාරීවරුන්, විෂයභාර නිලධාරීන් සහ ප්රාදේශීය මට්ටමින් සේවා සපයන නිලධාරීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.