පරිසර හිතකාමී විද්යුත් වාහන (EV) සංචාරක කලාප තුළ ප්රවර්ධනය කිරීම සහ ඒ සඳහා ඇති හැකියාවන් සොයා බැලීමට රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ.
විවිධ ආයෝජන සහ ප්රායෝගික වැඩපිළිවෙළවල් රැසක් උපයෝගී කරගනිමින්, මෙම සුවිශේෂී සංචාරක කලාපයන් ඉදිරියේදී "විමෝචන ශුන්ය" (Zero Emission) කලාප බවට පරිවර්තනය කිරීම මෙහි මූලික බලාපොරොත්තුවයි.
ඒ සඳහා අවශ්ය පසුබිම සහ හැකියාවන් සොයා බැලීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර, මෙම පරිසර හිතකාමී ප්රවේශය තුළින් ශ්රී ලංකාවේ හරිත සංචාරක කර්මාන්තයට නව පණක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.